gossip lanka

බඩු ගන්න පෝලිමේ සිටි පුද්ගලයෙකු එකවර ඇදවැටි මියයයි - හේතුව තාමත් හොයනවා

නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා සතොස පෝලිමේ සිටී පුද්ගලයකු අද 26 දින දහවල් හදිසියේ මියගොස් ඇතැයි කොස්මෝදර පොලීසිය සඳහන් කරනවා.

ඇඳිරි නීතිය ඊයේ 26 දින උදේ 6.00 ට ඉවත් කිරීමෙන් පසු නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා කොටපොල සතොස වෙළදසැලට පැමිණි පුද්ගලයකු මෙසේ මියගොස් තිබෙනවා.
මෙලෙස අවාසනාවත්ත ලෙස මියගොස් ඇත්තේ කොටපොල ගල්දොල හොරගල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි රණවකගේ අමරදාස නැමැති අයයි.

මියගිය පුද්ගලයා උදේ 10.00 ට පමණ නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා සිය යතුරු පැදියෙන් කොටපොල සතොස වෙළදසැලට පැමිණ ඇති අතර යතුරු පැදිය නතර කිරීමට යාමේදී මෙම පුද්ගලයා යතුරු පැදියෙන් ඇදී වැටී තිබෙනවා.

ඇද වැටීමෙන් එම පුද්ගලයාට තුවාල සිදුව නොමැති අතර පසුව මුඛ ආවරණයක් නොමැතිව සිටී එම පුද්ගලයාට මුඛ අවරණයක් සතොස වෙළදසැල අසල ආරක්ෂාවට යොදවා සිටී පොලිස් නිලධාරියා විසින් ලබාදී තිබෙනවා.

අනතුරුව සතොස වෙළදසැලට භාණ්ඩ ලබා ගැනීමට පැමිණ සිටී ජනතාවගේ පෝලිමට එකතු වී ටික වේලාවකින් එම පුද්ගලයා බිම ඇද වැටීමෙන් පසු දෙනියාය රෝහලට රැගෙන යාමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

දෙනියාය රෝහලට ඇතුලත් කරන අවස්ථාව වනවිටත් එම පුද්ගලයා මිය ගොස් සිටී බවට පොලීසිය පවසනවා.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර දෙනියායය රෝහලේ මෘත ශරීරා ගාරයේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිත බවට පොලීසිය පවසනවා.

පෝලිමේ සිටියදී ඇද වැටීමෙන් පසු හෘදයා බාධයක් ඇති වීමෙන් මිය ගියාද නැතහොත් යතුරු පැදියෙන් ඇද වැටීමෙන් මිය ගියාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමෙන් පසු මිය යාමට හේතුව අනාවරණය වනු ඇති බවට පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඌරුබොක්ක - අතාවුද පතිරණ
gossip lanka