gossip lanka

ඇඳිරි නීතිය එක්ක අලුත් ප්‍රශ්නයක් - ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි

ඇඳිරි නීතිය පැනවීමත් සමග හදිසි අනතුරු අඩු වී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා පවසයි.

ඈ සිය සමාජමාධ්‍ය ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
“වෙනදාට අපේ අංශයට රෝගීන් 250 ක් ආවත් ඊයේ දවස පුරා අනතුරුවලට ලක්වූවන් 66 යි පැමිණියේ. නේවාසිකව ප්‍රතිකාර ලැබුවෙත් 20 යි. ඒ ඔක්කොටම වඩා ප්‍රශ්නෙ ඇදිරි නීතිය අස්සේ ගෙදර ඉන්න බිරිදෑවරුන්ට ස්වාමිවරුන් පහර දීලා එන එකයි . ඒ කියන්නෙ පවුල් ජීවිත ගත කරන්න පුරුද්දක් නැහැ වගේ මේ අයට අනේ මන්දා…. සතුටින් ඉන්න තියෙන කාලය විනාශ කර ගන්න වෙන මහන්සියක්..”
gossip lanka