gossip lanka

නෙදර්ලන්තයේ අගමැති සෞඛ්‍ය ඇමතිකම "විපක්ෂයට" දෙයි

පැතිර යන කොරෝනා වසංගතය පාලනය කිරීමට සහාය ලබා ගැනීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරයෙකුට සෞඛ්‍ය අමාත්‍යධූරය ලබා දීමට නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

ඔහු එරට කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන අතර ,එම පක්ෂය බලයේ සිටින විට සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කලේද එම මන්ත්‍රීවරයායි.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් මඟින් කියා සිටින්නේ ,මාර්ටින් වෑන් රයින් නම් එම මන්ත්‍රීවරයාට සෞඛ්‍ය ක්ෂේත්‍රය පිලිබඳව වසර ගණනාවක අත්දැකීම් තිබෙන බැවින් ඔහුගේ සහාය මේ මොහොතේදී ඉතා වැදගත් බවයි.

විපක්ෂයේ සහාය ලබා ගැනීම සඳහා නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා සිදු කල මෙම ක්‍රියාව එරට බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබෙන බවයි "යූරෝ නිවුස් "පුවත් සේවය වාර්තා කරන්නේ.
gossip lanka