gossip lanka

මීගමුව බන්ධනාගාර රෝහල ස්වයං නිරෝධායනයට

රිය අනතුරක් සම්බන්ධ හේතුවකට මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරගතව, එහි රෝහල් ගතව සිටි ඉතාලියේ සිට පැමිණි අයකු මුදාහැරීමෙන් පසු ඔහුට කොරෝනා රෝගය වැළඳී තිබූ බව අනාවරණය වී ඇත.

ඒ අනුව බන්ධනාගාර රෝහලේ සිටි සියලු සිරකරුවන් වෙනමම ස්වයං නිරෝධායනයකට ලක්කර ඇත.


බන්ධනාගාර රෝහලේ සිටි සියලුම සිරකරුවන් බන්ධනාගාරයේ වෙනමම වාට්ටුවල රඳවා නිරෝධායනයට ලක්කර තිබේ.

රිය අනතුරකට රිමාන්ඩ් භාරයට පත්වූ ඉතාලියේ සිට පැමිණි මෙම පුද්ගලයා ඉහළ පොලිස් නිලධාරියකුගේ ඥාතියකු වීම හේතුවෙන් මෙසේ බන්ධනාගාර රෝහලට යවා තිබිණි.

රිමාන්ඩ් භාරයෙන් මුදාහැරි මෙම පුද්ගලයා උණ රෝගය හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමේදී ඔහුට කොරෝනා වැලඳී ඇතැයි අනාවරණය වී ඇත.
gossip lanka