gossip lanka

යාපනේ දේවමෙහෙයට ගිය දෙදෙනෙක් සැකපිට වව්නියා රෝහලට

යාපනය,අරියාලෙයි ප්‍රදේශයේ දේවස්ථානයක කොරෝනා ආසාදිත ස්විස්ටර්ලන්ත දේව ගැතිවරයා පැවැත්වු දේව මෙහෙයට සහභාගිවු පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(22) සවස වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බව වවුනියාව මහ රෝහල් අධ්‍යක්ෂක කේ.නන්දකුමරන් මහතා පවසයි.
නන්දකුමරන් මහතා පැවසුවේ සෞඛ්‍ය පරීක්ෂණ වෙනුවෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවත්,ඔවුන් වෛද්‍ය පරීක්ෂණ වෙනුවෙන් යොමුකොට ඇති බවයි.

රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් දෙදෙනා අරියාලෙයි ප්‍රදේශයේ පැවැත්වු දේව මෙහෙයට සහභාගිවු බවට පසමින් සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එලෙස රෝහල්ගතවි ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

ඔවුනට මේ දක්වා කිසිදු සංකූලතාවයක් ඇති වි නොමැති බවත්,වෛද්‍ය පරීක්ෂණයන්ගෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් නන්දකුමරන් මහතා ප්‍රකාශ කළේය.



එන්.ප්‍රියදර්ශනි.
gossip lanka