gossip lanka

ජනතා ඇඳිරිනීතියත් සමග ඉන්දියාවේ නගර 80ක් වසා දමයි

Covid 19 හෙවත් කොරෝනා වෛරසය මේ වන විට ලෝකයේ රටවල් ගණනක සිය ආධිපත්‍යය පතුරවමින් සිටිනවා.

අසල්වැසි ඉන්දියාවෙන්ද කොරෝනා ආසාදිතයින් 300 ගණනක් හමුවී ඇති අතර කොරෝනා ඉන්දියාවේ හය දෙනෙකුට දිවි අහිමි කර තිබෙනවා.

කෙසේ වෙතත්, කොරෝනා රෝගීන් වාර්තා වූ ඉන්දියාවේ දිස්ත්‍රික්ක 75ක් මුළුමුනින්ම වසා දැමීමට එරට බලධාරින් තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ මස 31 වැනිදා වන තෙක් බස් රථ සේවාවන්ද මේ අනුව අත්හිටවනු ලබනවා.

සියළු ප්‍රාන්තවල ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු අගමැති මෝදි ද සහභාගි වූණු ඉහළ පෙළේ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙසේ මුළුමුනින්ම වසා දැමෙන දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවාවන් පමණක් ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මේ අනුව උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට, පන්ජාබ්, කර්නාටක, තමිල්නාඩු සහ කේරළ ඇතුළු ප්‍රාන්ත වසා දැමෙනවා.

තත්ත්වය වඩාත් අයහපත් අතට හැරෙමින් ඇති නිසා මෙවන් තීරණයක් ගත බවයි බලධාරින් ප්‍රකාශ කරන්නේ.

ඉන්දියාවේ කොරෝනා අරක් ගත් මේ මොහොත වන විටත් ජනයා නිවාසවල රැඳි සිටින අතර එරට විදී පාළුවට ගොස් තිබෙනවා.
gossip lanka