gossip lanka

ඇදිරි නීතිය අස්සේ වැඩි ගානට නිවෙස් වලටම කසිප්පු හා ගංජා බෙදලා !

ඇඳිරිනීතිය පනවා ඇති කාලයේ නිවෙස් වලින් පිටතට පැමිණීමට නොහැකි පිරිස් සදහා නිවසටම කසිප්පු හා ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයන් දෙදෙනෙකු හම්බන්තොට හා වලස්මුල්ල පොලිස් වසම් වලදි පෙරේදා (28) සවස අත්අඩංගුවට ගැනීමට මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකයේ නිළධාරීන් සමත් වී තිබේ.
මාතර හම්බන්තොට දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ජගත් පලිහක්කාර මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම ඒකකයට ලද තොරතුරක් මත හම්බන්තොට ගොන්නොරුව පාරේ ගොන්නොරුව පාසල පිටුපස වැවෙහි තබාගෙන කසිප්පු පෙරමින් සිටි එක් සැකකරුවෙකු ගෝඩා මිලි ලීටර් එක් ලක්ෂ හැත්තෑ එක්දාහක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ගොන්නොරුව ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

ඇඳිරිනීතිය නිසා නිවෙස් වලින් එළියට පැමිණිය නොහැකි පිරිස් දුරකතන ඇමතුමක් දුන් සැනින් අදාලස ස්ථානයට කසිප්පු රැගෙනගොස් ලබා දිම සිදුකර ඇති බවත්, වෙනදා රුපියල් 1000කට අලෙවි කල කසිප්පු බෝතලයක් ඇඳිරිනීතිය නිසා රුපියල් 1500ක මුදලකට අලෙවි කර ඇති බවත් මුලික පොලිස් පිරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.

සැකකරු වැඩිදුර පරික්ෂණ සදහා හම්බන්තොට පොලීසියට බාර දි තිබේ. අත්අඩංගුවට පත් සැකකරුගෙන් ලද තොරතුරක් මත තවත් 38 හැවිරිදි සැකකරුවෙකුද වියළි ගංජා මිලි ග්‍රෑම් දොලොස් දහසක් සමග වලස්මුල්ල නගරයේදීද අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුද වලස්මුල්ල නගරය අවට පිරිස් වෙත යට ඇදුමේ සගවාගෙන ගංජා රැගෙන ගොස් අලෙවි කිරිම සිදු කර තිබේ. සැකකරු අත්අඩංගුවට පත් වන අයවස්ථාවේ ඔහු සන්තකයේ තිබී පැකට් ලෙස සකස් කරන ලද වියළි ගංජා පැකට් 06ක් සොයා ගෙන තිබේ.සරකකරු අධිකරණ කටයුතු සදහා වලස්මුල්ල පොලීසියට බාර දී තිබේ.

(මත්තලඩී එන් ජයසේකර)
gossip lanka