gossip lanka

වසංගතයෙන් පසු වටිනාම සම්පත මිනිසායි-ජී- 20 සමුළුවේ දී අවධාරණය කරයි

කොරෝනා වසංගතයෙන් සිදුවෙමින් පවතින මානව සම්පත් විනාශය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බැවින් ගෝලීය ආර්ථිකය බිඳවැටීම වළක්වා ගැනීම සඳහා සියලුම රටවල් සිය ජනතාව (මිනිස් ශ්‍රමය) ආරක්ෂා කරගත යුතු බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.


එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ඊයේ (24 වැනිදා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ දිනවල ඇමෙරිකාවේ වොෂිංටනයේ පැවැත්වෙන ජී – 20 රටවල මුදල් ඇමැතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුවේදී මෙම කරුණ අවධාරණය කර ඇති බවයි.

‘දැනටමත් ආර්ථික හානිය ආරම්භ වී තිබෙනවා. නමුත් වසංගතය අවසන් වූ වහාම ගෝලීය ආර්ථිකය යළි ගොඩනැංවීමට නම් නිරෝගී මිනිස් ප්‍රජාවක් සිටිය යුතුයි.

වසංගතයෙන් සිදුවන සෞඛ්‍ය පරිහානිය හමුවේ මිනිසුන්ට කාර්යක්ෂමව සිය සේවාවන්වල නිරත වීමේ හැකියාව අඩු වනු ඇති. එම නිසා ලොව සියලුම රටවල් සිය ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.”

එසේ පවසන ඇය වෛරසය නිසා ආර්ථිකය බිඳවැටුණු රටවල් 80 කට මූල්‍යමය ආධාර ලබා දීමට සිය සංවිධානය සූදානම් බවද ප්‍රකාශ කර ඇත.



නයන තරංග ගමගේ
gossip lanka