gossip lanka

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්‍ෂය පනීවි ට්‍රම්ප් කියයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරස ආසාදනයෙන් සිදුවන මරණ ගණන ලක්‍ෂය හෝ ඊට වැඩි විය හැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ඉරිදා පළමු වතාවට පිළිගත්තේය. යම් හෙයකින් මරණ ගණන ලක්‍ෂයකට අඩුවෙන් තබාගත හැකි වුවහොත් එය සැවොම එක්වී සිදුකළ විශිෂ්ට කාර්යයක් ලෙස සැලකිය හැකි බවද ජනපති ට්‍රම්ප් පැවැසීය.


ජනාධිපති ට්‍රම්ප් මේ බව පැවසුවේ ඉරිදා සවස ධවල මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. මුළු රට පුරාම සමාජ දුරස්ථකරණය සම්බන්ධ මාර්ගෝපදේශ තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් අප්‍රේල් 30දා තෙක් ජන සමූහ ඒකරාශි වීම සීමා කිරීමටද මෙහිදී යෝජනාවක් ගෙන එන ලදී.

Covid - 19  වයිරසය හේතුවෙන් සිදුවිය හැකි මරණ සංඛ්‍යාව ගැන වඩාත් නිවැරදි හා තහවුරු කරන සංඛ්‍යා ලේඛන ඊයේ ලැබුණු බවද හෙතෙම පැවැසීය.
gossip lanka