gossip lanka

අමෙරිකාවට අනතුරු ඇඟවීමක්-ඩොනල්ඩ් ට්‍රම්ප් කට අරී !

කොරෝනා වෛරසයේ මීලඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා තිබෙනවා.

රට තුළ විශාල වශයෙන් කොරෝනා ආසාදන වේගවත් වීම මීට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.


පසුගිය පැය 24 තුළ නව රෝගීන්ගෙන් සියයට 85 ක්ම යුරෝපයෙන් සහ අමෙරිකාවෙන් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් සියයට 40 ක්ම ඇමෙරිකානු පුද්ගලයන්ය.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව, අමෙරිකාවේ 4600 කට වඩා වැඩි සංඛ්‍යාවක් අසාදිත තත්ත්වයට පත්ව ඇති අතර මරණ 600 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

මේ අතර නිව් යෝර්ක් ප්‍රාන්තයේ සඳුදා සිට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 4,000 කට වඩා වැඩි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව පුරා රෝගීන් 422,959 කට වැඩි සංඛ්‍යාවක් ඇති අතර 18,960 කට වඩා මියගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ අතර ලබන අප්‍රේල් 12 වනදා වන විට කොරෝනා වෛරසයෙන් ගැලවීමට හැකිවනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  විශ්වාසය පල කරනවා.

ඔහු මේ ප්‍රකාශය පල කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසයේ මීලඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව වනු ඇති බවට ප්‍රකාශ කර ඇති පසුබිමකදීයි.
gossip lanka