gossip lanka

පරිප්පු හංගාගෙන ඉන්න වෙළඳුන් මාස 6 ක් සිරගෙට

රටපුරා කිසිම ආකාරයකින් පරිප්පු හිඟයක් ඇති වීමේ ඉඩක් නොමැති බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසනවා.

රූපවාහීනී වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ ,දැනට ලබා දී ඇති පරිප්පු මිල සහනය ටික දිනකින් ඉවත් වී ,යළි මිල වැඩි වෙනු ඇතැ‍යි ඇතැම් වෙළඳුන් අපේක්ෂාවෙන් පසුවන බවයි.
එවැන්නක් කිසිසේත්ම සිදු නොවන බවද , යම් හෙයකින් ජනතාවට ලබා නොදී  පරිප්පු සඟවාගෙන සිටින බවට නීතියේ රැහැනට හසුවුවහොත් මාස 6 ක් සිරගෙට යැවීමට තමන්ට බලය තිබෙන බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.
gossip lanka