gossip lanka

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැය දහයෙන් එලවලු කිලෝ ලක්ෂ පනහයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද(23)අලුයම විවෘත කිරීමත් සමඟ පැය 10 ක පමණ කාලයක් ඇතුලත එළවළුකිලෝ ලක්ෂ පණහකට වැඩි ප්‍රමාණයක් අළෙවිකර ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කලමනාකාර භාරයේ කළමණාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා සදහන් කළේය.


ඇදිරිනිතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වෙත කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම අළෙවි කිරීම බෙදාහැරීමට අවසර දීමට රජය තීන්දු කිරීමත් සමග අද(23) අලුයම හතරට විවෘත වූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවලු වලින් පස්වරු 2ක පමණ වන විට එළවලු කිලෝ ලක්ෂ පණහකට අධික ප්‍රමාණයක් දිවයිනේ සෑම ප්‍රදේශයකම පැමිණ් සිටි වෙළෙදුන් විසින් මිළදී ගත් බවද හෙතෙම පැවසීය.

මෙදින විදේශ රටවලින් ආනයනය කරන ලද අර්ථාපල් සහ ලොකු ළූණු අළෙවියද ඒ හා සමානව තිබුණු බවද ක්‍රිස්ටි විජේරත්න මහතා පැවසීය.

එසේම මෙදින එළවළු ලොරි රථ පන්දහසට අධික ප්‍රමාණයක් පැමිණි බවත් වෙනත් වසර වල අලුත් අවුරුද්ද උදාවට දින කිහිපයක් තිබියදී මෙසේ එළවළු තොග අළෙවි වන නමුත්රටේ පැවැති තත්ත්වයත් සමඟ වෙළෙන්දන් සහ ගොවීන් විශාල ප්‍රමානයක් පැමිණි බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

 ලක්ෂික සංදීප ආරියදාස
gossip lanka