gossip lanka

කොරෝනා මර්දනය සඳහා ගවමුත්‍ර පානය කරන ලෙස ඉල්ලා සිටි බී.ජෙ.පී. ක්‍රියාකාරිකයා අත්අඩංගුවට

ගව මුත්‍ර පානය කළ පොලිස්‌ කොස්‌තාපල්වරයා රෝගී තත්ත්වයට පත්වේ

කොරෝනා මර්දනය සඳහා ගව මුත්‍රා භාවිත කරන ලෙස ඉල්ලා සිටි භාරතීය ජනතා පක්‍ෂයේ ක්‍රියාකාරී නාරායන් චැටර්ජි ඉන්දීය කොල්කාටා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.


ඔහු කළ ඉල්ලීම නිසා එක්‌ පොලිස්‌ කොස්‌තාපල්වරයෙක්‌ ගවමුත්‍ර පානය කිරීමෙන් රෝගී තත්ත්වයට පත්ව තිබේ. මේ හැර ගවමුත්‍ර අලෙවි කළ කිරි වෙළෙඳන්දෙක්‌ ද අත්අඩංගුවට ගෙන ඇත. ෂෙයින් මෂුඩ් නමැත්තා ගව මුත්‍ර ලීටරය ඉන්දීය රුපියල් 500 කට අලෙවි කර ඇතැයි පොලිසිය කියා සිටී.

 මේ අතර භාරතීය ජනතා පක්‍ෂ ක්‍රියාකාරියාගේ ඉල්ලීම මත ගවමුත්‍ර පානය කර ඇත්තේ පින්තු පර්මකින් නමැති කොස්‌තාපල්වරයෙකි. ඔහු නාරායන් චැටර්ජිට එරෙහිව පැමිණිලි කර තිබේ.
gossip lanka