gossip lanka

කොවිඩ් 19 සුව කරන සුවිශේෂී ප්‍රතිශක්ති සෛල වර්ග 4ක් හඳුනාගැනේ !

කොවිඩ් 19 වයිරසයට එරෙහිව මිනිස් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සටන් වදින ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට තමන් සිදුකළ අධ්‍යයනයකින් හැකිවූ බව ඕස්ට්‍රේලියානු විද්‍යාඥ කණ්ඩායමක් පවසති. මෙම රෝගයට ප්‍රතිකාර කිරීමට මෙන්ම වයිරසය මර්දනය පිණිස එන්නතක් නිෂ්පාදනයට ද මෙම අවබෝධය වැදගත් වනු ඇතැයි ඔවුහු පෙන්වාදෙති.


මෙම නව සොයාගැනීම පිළිබඳ වාර්තාවක් වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු රැගත් Nature Medicine  (සොබා ඔසු) සඟරාවේ පළ කරනු ලැබ ඇත. කොවිඩ් වයිරස් ආසාදනයකින් සුවය ලබන ආකාරයත්, සුවවීමෙන් පසු වයිරසයට එරෙහිව ශරීරයේ පශ්චාත් ප්‍රතිශක්තිකරණය ක්‍රියාත්මක වන අන්දමත්, අලුත් එන්නතක් නිෂ්පාදනය කරගැනීමට කවර ප්‍රතිශක්ති සෛල ආධාරක වන්නේද යන්නත් එම වාර්තාව මඟින් විස්තර කරනු ලැබ ඇතැයි එම පර්යේෂණ කණ්ඩායමේ විශේෂඥයෝ සඳහන් කරති.

කොරෝනා වයිරසයට එරෙහිව මිනිසා තුළ ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වන ආකාරය වටහා ගත් පළමු අවස්ථාව මෙය වන බැවින් මෙම සොයාගැනීම ඉතාම වැදගත් වන්නේ යැයි අදාළ වාර්තාවේ සම කතුවරියක වන මහාචාර්ය කැතරින් කෙඩ්ෂියර්ස්කා පෙන්වා දෙයි. කොවිඩ් වයිරසයට එරෙහි සටනේ ඉතා වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරන මෙම පර්යේෂණය සිදුකිරීමට මූලික වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පීටර් ඩොහර්ති අධ්‍යයන ආයතනයට සෙසු විද්‍යාඥයන්ගේ ප්‍රසාදය හිමිවී ඇත.

දැනටමත් තේරුම් ගොස් ඇති පරිදි, කොවිඩ් වයිරසයට ගොදුරු වූවන්ගෙන් බොහෝදෙනකු සුවය ලැබීමෙන් තහවුරු වන්නේ ඔවුන්ගේ ස්වාභාවික ප්‍රතිශක්ති ව්‍යුහය එම වයිරසයට එරෙහිව සාර්ථකව සටන් කිරීමට සමත් බවය. මෙම සටන් වැදීම සඳහා සුවිශේෂී ප්‍රතිශක්ති කරන සෛල වර්ග 4ක් දායක වන බව හ¾දුනාගනු ලැබ ඇත. රෝගයට නිරාවරණය වුවත් එය බෝ නොවූ අයද, තරමක් ආසාදිතවූවන් සහ පසුව එහි මධ්‍යම මට්ටම දක්වා වර්ධනය වූ පුද්ගලයන්ද මෙම පරීක්ෂණය යටතේ නිරීක්ෂණය කරනු ලැබ ඇත.

චීනයේ වුහාන් පළාතේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණි පසු රෝගාතුර වූ 47 හැවිරිදි චීන කාන්තාවකගෙන් මෙම පර්යේෂණය සඳහා වැදගත් මෙහෙයක් ඉටුවූ බව මෙම පර්යේෂණ කණ්ඩායම පවසා තිබේ. ඕස්ට්‍රේලියාවේදී රෝහල්ගත කරනු ලැබූ ඇය දවස් 14කට පසුව සුවය ලබා ඇත. මෙම චීන කාන්තාවගේ සමස්ත ප්‍රතිශක්ති ක්‍රියාදාමය මුල සිටම සිය කාර්ය මණ්ඩලයේ පරික්ෂාවට ලක්වූ බව මහාචාර්ය කැතරින් බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

අදාළ කාන්තාව සුව අතට හැරීමට දවස් තුනකට පෙර ඇයගේ රුධිර සංසරණ පද්ධතිය තුළින් ඉන්පෙර නොවූ සෛල විශේෂයක් විද්‍යාඥ කණ්ඩායමට හමුවී තිබේ. සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යා වයිරස් රෝගීන් දින 3කදී ස්වාභාවිකව සුවය ලබන බවත්, සුවය ලැබීමට ආසන්නයේදී මෙවැනි සෛල විශේෂයක් ඔවුන්ගේ රුධිර සංසරණ පද්ධතියෙන් හමු වන බවත් මහාචාර්ය කැතරින් කෙඩ්ෂියර්ස්කා පවසන්නීය.

අදාළ විශ්ලේෂණය ඉදිරිපත් කිරීම සඳහා ‍ෙදාළොස්දෙනකුට අධික විද්‍යාඥයන් කණ්ඩායමක් සති හතරක කාලයක් දවසේ පැය 24 පුරා කටයුතු කළ බව ඇය පැවැසුවාය.
gossip lanka