gossip lanka

සුපර්මාර්කට් එකේ එළවළු පලතුරු වලන් කොරෝනා එන්න පුළුවන් - මිලදී ගන්නකොට පරිස්සම් වන්න

සුපිරි වෙළඳසැල් වල තිබෙන එළවළු සහ පලතුරු වලද කොරෝනා වෛරසයට ජීවත් විය හැකි බවට වෛරස අධ්‍යයන විද්‍යාව සම්බන්ධව මහාචාර්යවරයෙක් සඳහන් කරනවා.


නවතම සොයාගැනීමකින් එලෙස මේ බව සොයාගෙන තිබෙන බව සඳහන්. වෛරසය ජීවත් වීමට හැකි බවට පවතින පෘෂ්ඨ වගේම සුපිරි වෙළඳසැල් වල ඇති එළවළු, පලතුරු මතද කොරෝනා වෛරසයට ජීවත්වීමට හැකියාව පවතින බවයි පර්යේෂණ වලින් පෙන්වා දෙන්නේ.

මේ හේතුව නිසා සුපිරි වෙළඳසැල් වලින් එම පලතුරු සහ එළවළු මිලදී ගැනීමේදී පරිස්සම් වී මිලදී ගන්නා ලෙසත් එම පලතුරු සහ එළවළු සබන් භාවිතා කර සේදීමෙන් එම වෛරසය මැඩපැවැත්වීමට හැකියාව ඇති බවයි පර්යේෂණ වලින් පෙන්වා දෙන්නේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරන මහාචාර්යවරයාගේ නවතම තොරතුරු මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යද වාර්තා කරනවා.
gossip lanka