gossip lanka

ඇඳිරි නීතිය අස්සේ පුද්ගලික බස් මගීන්ගෙන් අධික ගාස්තු අය කරලා

ඊයේ (20) සවස 06.00ට ඇඳිරි නීතිය පැනවීමට ආසන්න අවස්ථාවේදී කොළඹ කොටුව බස් නැවතුම්පොලෙන් ධාවනය වූ ඇතැම් දුර ගමන් සේවා පුද්ගලික බස් රථ මගීන්ගෙන් දෙතුන් ගුණයකටත් අධික ගාස්තු අයකර ඇති බව වාර්තා වේ.


කොටුව ලංගම බස් රථ ගාලට පුද්ගලික බස් රථ ඇතුළු කර මගීන් නංවා ගැනීමට ඊයේ අවස්ථාව ලබාදී තිබී ඇති අතර ඔවුන් ගමනාන්තය දක්වා ගාස්තුව මෙන් තුන් ගුණයකට ආසන්න මුදලක් අයකර ගෙන තිබේ.

එසේම අතරමග නගරවලින් බසින මගීන්ගෙන් ද ඔවුන් මුල සඳහන් කළ අධික සම්පූර්ණ ගාස්තුවම අය කරගැනීමට කටයුතු කර ඇති අතර අප ඇමතූ මගියකු සඳහන් කළේ කොළඹ - මහනුවර බස් රථයකින් කෑගල්ල දක්වා ගමන් කළ ඔහුගෙන් රුපියල් 500ක මුදලක් අය කළ බවයි.
gossip lanka