gossip lanka

ලොව පුරා බිලියනයක් ජනයා ගෙවල්වල !

මේ වන විට දරුණු ලෙස පැතිර යන Covid-19 වසංගතය හේතුවෙන් ලොව පුරා බිලියන 1ක් පමණ ජනයා සිය නිවෙස්වලට සීමා වී සිටින බව වාර්තා වේ.

මෙම වසංගතය හේතුවෙන් රටවල් 35ක විවිධ ප්‍රදේශ වසා දමා (lockdown) කර ඇති අතර, ජනජීවිතය හා ගෝලීය ආර්ථිකය අඩාල වෙමින් පවතියි.


දිනෙන් දින ඉහළ යන රෝගීන් හා මරණ හමුවේ විවිධ රජයන් විසින් මෙම වසංගතය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රමවේද ගනිමින් සිටියි.

වර්තමානයේදී මෙම රෝගයේ නව කේන්ද්‍රස්ථානය වන්නේ ඉතාලියයි. මේ වන විට ලොව පුරා රෝගීන් 340,000 ක් වාර්තා වී ඇති අතර මරණ 15,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ 100,000 කට ආසන්න පිරිසක් සුවය ලබා ඇත.
gossip lanka