gossip lanka

වෙනත් කිසිඳු රටකින් වාර්තා නොවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන අමෙරිකාවෙන්

වෙනත් කිසිඳු රටකින් වාර්තා නොවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් අමෙරිකාවෙන් හදුනා ගැනේ. 85,000කට අධික ආසාදිතයින් පිරිසක් මෙලෙස හමුවි ඇති අතර ලෝකය පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 24,065 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් ජනපදයේ රෝගීන්ගෙන් අඩකට වඩා වාර්තා වී ඇති නිව්යෝර්ක්හි, වෙහෙසට පත් රෝහල් සේවකයින් වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා වඩ වඩාත් කැපවෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

නිව්යෝර්ක් බෙලීව් රෝහල් මධ්‍යස්ථානය කූඩාරම් සහ ශීත කළ ට්‍රක් රථ භාවිතා කරමින් තාවකාලික මෘත ශරීරාගාරයක් නිර්මාණය කර තිබෙනවා.

ලියාපදිංචි හෙදියක් ලෝන්ග් අයිලන්ඩ් රෝහලකදී තමා අත්විඳ ඇති දේ සහ වෛරස් රෝගීන් රැකබලා ගැනීම සෞඛ්‍ය සේවකයින්ට සිදුවන හානිය ගැන මෙලෙස විස්තර කළේය.

"මගේ නින්ද නොයන නිසා මම නිදාගෙන නැත. මගේ විවේක වේලාවේදී මම නාන කාමරයේ වැලපුණෙමි. මගේ මුහුණේ වෙස්මුහුණු ආවරණ ඇතුළේ කඳුළු හිරවෙලා. මම මුළු දවසෙම අඬනවා. මේක ලොකු ඛේදවාචයක්. ගොඩක් අය මැරෙනවා ඒක මට විශ්වාසයි."
gossip lanka