gossip lanka

කොරෝනා නිසා ඔලිම්පික් වසරකින් කල් යයි

ටෝකියෝ ඔලිම්පික් උළෙල කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් වසරකින් කල් දැමීමට නියමිත බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික ඩික් පවුන්ඩ් පවසනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ලද තොරතුරු මත ඒ බව සහතික වශයෙන් කිව හැකි යැයි ඔහු සඳහන් කළා.


ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙල නියත වශයෙන් මජුලි 24 වන දා ආරම්භ නොවන බවයි ඩික් පවුන්ඞ් අවධාරණය කළේ.

ඔහු මේ බව කියා සිටියේ ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙලට තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීම අවිනිශ්චිත බව බ්‍රිතාන්‍ය ඔලිම්පික් සම්මේලනය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

ඒ සඳහා සහභාගි නොවන බව ඕස්ට්‍රේලියාව සහ කැනඩාව මේ වන විටත් ප්‍රකාශ කර අවසන්.
gossip lanka