උපාධිධාරී රැකියාලාභීන්ගේ ලයිස්තුව මෙන්න

රැකියා සඳහා තෝරාගෙන ඇති උපාධිධාරීන්ගෙන් නාම ලේඛනය රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම නාම ලේකණය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙබ් අඩවියේ පළ කර ඇත.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සජීවිව මෙතැනින් - (Live)

ව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී අද (12) පෙ.ව 8.30 ට ආරම්භ වනවා.

කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු හා රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අද මෙලෙස දිවුරුම් දෙනවා.

general election 2020

2020 මහ මැතිවරණයේ සමස්ත  මනාප ප්‍රතිඵල මෙන්න

අගමැතිගෙන් විශේෂ නිවේදනයක් !

පසුගිය වසරේ අප්‍රේල් 21 වනදා සිදුවූ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයට අද (21) දිනට වසරක් පිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

ATM යන්ත්‍රවලින් නොමිලේ හාල් නිකුත් වේ !

වියට්නාමයේ හෝ චි මිංපුරවැසි ව්‍යවසායකයකු සහ නව නිපැයුම්කරුවකුන් විසින් සතියේ සෑම දිනකම, දවසේ ඕනෑම වේලාවක සහල් ලබාගත හැකි ස්වයංක්‍රිය යන්ත්‍රයක් නිපදවා ඇත.

කොවිඩ් වසංගතය නිසා රටේ කටයුතු අකර්මන්‍ය වීමෙන් ජීවිකාව අහිමි වි සිටින ජනතාව හට මෙම යන්ත්‍රය මගින් නොමිලේ සහල් ලබාගත හැකි.

ඇදිරිනීතිය නොතකා කොරෝනා අස්සේ වේගයෙන් ගිය ඉන්දීය සරාගී නිළි ශර්මිලා රිය අනතුරකට ලක් වෙයි

කන්නඩ සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා නිළියක් වන Sharmiela Mandre පසුගිය අප්‍රේල් 04 වැනිදා ඉන්දියාවේ වසන්ත් නගර්හිදී රිය අනතුරකට ලක්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ‘කොරෝනා’ වසංගතය නිසාවෙන් ඉන්දියාවේ සියලු නගර වසා තිබුණ මොහොතක ඇය මෙසේ රිය අනතුරකට මුහුණ පා තිබීම විශේෂත්වයක් බවයි පවසන්නේ.

කොරෝනා මරණ හතර වටින් වාර්තා වෙද්දී, කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවු එකම රට බවට ග්‍රීන්ලන්තය පත් වෙයි

කොවිඩ් 19 හෙවත්, නව කොරෝනා ආසාදනය වීමෙන් මේ වනවිට පුද්ගලයින්, 126,811 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය කියා සිටියේ, අදාළ වෛරසය පුද්ගලයින් 2,004,383 දෙනෙකුට ආසාදනයවී ඇති බවයි.

ඉදිරියේදී සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් !

රටේ සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල් සඳහා පාලන මිලක් පනවමින් පසුගිය 10 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර කැකුළු සහල් කිලෝවක් රුපියල් 85 කටත්, නාඩු සහ සම්බා කිලෝවක් රුපියල් 90 කටත් අලෙවි කළ යුතු බවද එහි සඳහන් විය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව නිවසේ සිට රාජකාරී සිදු කිරීම ගැන ජනතාව දැනුවත් කරයි

නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ ප්‍රතිපත්තියට අනුගතව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලාභීන් වෙත සුදුසු පරිදි අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙලක් ඇති කිරීමට තීරණය කර තිබෙනවා.

ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනයට ලංකාව සූදානම් වෙයි

අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ එක්සත් ජාතින්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින් අතර හමුවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි පැවැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ආරක්ෂිත ඇදුම් නැතිව විශේෂඥ වෛද්‍යවරු චැනල් සේවාව අත් හරී !

විශේෂඥ ‌වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිවීම හේතුවෙන් මේ වන විට සැලකිය යුතු පිරිසක් පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තොරතුරු ලැබී ඇතැයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය වළකන්න ඉන්දුනීසියාවේ ගමකට වෙස් වළාගත් භූතයින්

ඉන්දුනීසියාවේ  ජාවාහී ගම්මානයක කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ජනතාව නිවෙස් තුලම රඳවා තැබීමට විශේෂ පියවරග් ගෙන තිබේ.

ඒ භූතයන් ලෙස වෙස්වලාගත් පුද්ගලයින් රාත්‍රි කාලය පුරා මෙම ගම්මානය තුල සැරිසැරිමට සලස්වමින්. ගම්වැසියන් නිවෙස් තුලින් බැහැරවීම වැළැක්වීම මෙහි අරමුණ වී ඇත.

වසාදැමූ තාරාපුරම් යලි අරී !

අප්‍රේල් 08 වනදා රාත්‍රියේ සිට හුදකලා කරන ලද මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15) උදෑසන සිට යලි සාමාන්‍ය තත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයන් තුනෙන් එකකට වෛරසය වැළඳිලා

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයන්ගෙන් තුනෙන් එකකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව එරට රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

එරට කොරෝනා වෛරසය මර්දනයට ක්‍රියා කරන සෞඛ්‍ය සේවකයන් 16 888ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 5733 හෙවත් 34%  ආසාදිතයන් බව තහවුරු වී තිබෙනවා.

චීනය කොරෝනා එන්නත් දෙකක් අත්හදා බලයි

චීනය තුළ පැතිරීම පාලනය කර ඇති කොරෝනා වෛරසය දෙවැනි වරටත්  වසංගතයක් ලෙස පැතිර යාම වැළක්වීමට හා එරටටට පැමිණෙන විදේශිකයින්ගෙන් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් පර්යේෂණ මට්ටමේ පවතින කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ එන්නත් දෙකක් මුල් අවස්ථාවේදීම රෝගීන්ට  අත්හදා බැලීමට චීන බළධාරීන් විසින් අනුමැතිය ලබා දී ඇති බව චීන රජයේ  නිල පුවත් සේවාව වන  "සින්හුවා " පුවත් සේවය පවසයි.

අමෙරිකාවෙන් දැඩි තීරණයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් ලබාදීම නතර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සංවිධානයට අරමුදල් සැපයීම නතර කරන ලෙසට තමන් යටතේ ඇති පරිපාලන අංශවලට දැනුම් දුන් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ.

ඇදිර නීතිය අස්සේ දෙකෝටියක කේරල ගංජා මුහුදෙන් ගෙනේ

යාපනය පේදුරුතුඩුව මනල්කාඩු මුහුදු තීරයේදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 133 ග්‍රෑම් 57 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

රජයේ එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ දෙවන අදියර අද සිට

ජනාධිපති කාර්යය සාධක බලකායේ මැදිහත්වීමෙන් එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර අද (15) සිට ආරම්භ වනවා. ඒ අනුව අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ති‍්‍රක්ක කේන්ද්‍ර කර ගනිමින් රජය විසින් එළවළු සහ පළතුරු මිලදී ගැනීම අද සහ හෙට (16) සිදුවනු ඇති.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 2කට ආසන්න වෙයි

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් ලොව පුරා මිලියන 2ක සීමාවට පැමිණ ඇති අතර, මේ වනවිට ආසාදිතයන් 1,979,477 ක් වාර්තා වෙයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා ගෝලීයව සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 126,539 කි.

දඬුවමට වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි

කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය හා ඉදිරි මැතිවරණය පැවැත්වීමේ නීතිමය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසන් සභාවෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇත.
 
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්තික් කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිසන් සභාව වෙත ලිපියක් යවමින් ඊයේ (14) මෙම ඉල්ලීම කර තිබේ.

දඬුවමට වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කිරීම හේතුවෙන් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇත.

COVID - 19 ගැන කෙරෙන අධ්‍යයන-වලට, චීනයෙන් පැනවූ හදිසි තහනම

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කෙරෙන අධ්‍යනයන් සහ පර්‍යේෂණයන් ප්‍රසිද්ධියට පත් කිරීම වාරණය කරන්නට චීනය තීරණය කර තිබෙනවා.

චීන විශ්වවිද්‍යාල දෙකක් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබූ එවැනි පර්‍යේෂණ ලිපි දෙකක්ද අන්තර්ජාලයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

පැය 24ක් තුළ ඇඳිරි නීතිය කඩකළ 1,600ක් අත්අඩංගුවට ගනී

අද පෙරවරු 6 ට අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 1,600ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන කාලයයේදී සැහැල්ලු රථයක් නිපදවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

දින 14 ක නිරෝධායන කාලය උපරිම ප්‍රයෝජනයට ගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරන සැහැල්ලු රථයක් නිපදවීමට මැලේසියාවේ පාර්ලිමේන්තුවේ සෙනෙට් මණ්ඩල සාමාජිකයෙකු සමත්ව තිබෙනවා.

ගැටළු කියන්න, ගැබිණි මව්වරුන් සඳහා හඳුන්වා දුන් නවතම දුරකතන අංකය

රට තුළ මේ වන විට පවතින තත්ත්වය මත ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ගැබිණි මව්වරුන්ට 071 0301225 අංකය අමතා සිය ගැටලු ඉදිරිපත් කළ හැකි බව ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසන්නවා.

මෙරට දෛනිකව සිදු වූ ඇතැම් මරණත් ඇඳිරි නීතිය නිසා නවතී

කොවිඞ් -19 හෙවත් නව කොරෝනා ව්‍යසනයත් සමග රට පුරාම ඇඳිරි නිතිය පනවා විවිධ සීමා කිරීම් ද සිදු කර තිබුනත් මෙම ව්‍යසනයත් සමග ඇති වූ යහපත් ප‍්‍රවනතා ද තිබෙන බව විද්වතුන් පෙන්වා දෙනවා.

කොරෝනා ආසාදිතයන් සිටින ලිබියානු රෝහල් වලට ප්‍රහාර

ලිබියාවේ කැරලි නායක කලීෆා හෆ්තාර්ට අයත් භට පිරිස් එරට කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිකාර කරමින් සිටින වෛද්‍යවරු ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ට්‍රිපොලි අගනුවර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලකට මෙසේ පහර දී ඇති බවට එරට රජය පවසනවා.

දහස් ගණනක් මිය ඇදෙන මොහොතකදී වුවත් ආර්ථික කඩා වැටීමෙන් ගැලවෙන්න ස්පාඤ්ඤය සීමාවන් ලිහිල් කරයි

කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤය පනවා තිබූ විවිධ සීමා ලිහිල් කිරීම ආරම්භ කර ඇත.

ඒ අනුව නිෂ්පාදන, ඉදිකිරීම් හා ඇතැම් සේවාවල නියුතු කාර්ය මණ්ඩලවලට යළි සේවය සඳහා පැමිණීමට එරට රජය අවසර දී තිබේ.

තවත් ගම්මාන දෙකක් හුදකලා කෙරේ !

කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වීමත් සමග බේරුවල පන්විල සහ චීන කොරටුව යන ගම්මාන 02 ද හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ට්‍රම්ප් දියණිය ඉවන්කාත් මුඛ ආවරණය ගෙදරදීම මහගෙන

නිවසින් බැහැරට යනවිට අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළඳීමෙන් එකිනෙකා ආරක්ෂා වීමට කටයුතු කරන්න යැයි ඇමෙරිකානු ජනපති දියණිය ඉවන්කා ට්‍රම්ප් එරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නව සතියක් ඇරඹෙන මොහොතේ ඇමෙරිකානු රෝග නිවාරණ හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ උපදෙස් අනුගමනය කිරීමේ වැදගත්කම ඉස්මතු කරමින් ඇය සිය ට්විටර් ගිණුමක මෙම සටහන තබා ඇත.

ගම්වල කුඩා අලුත් අවුරුදු උත්සව පැවැත්වීමේ සුදානමක්

ග්‍රාමියව අලුත් අවුරුදු උත්සව පැවැත්වීම වැළැක්වීමට අදාල පියවර ගන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිඛේ.

කොරෝනා සුවවූ බ්‍රිතාන්‍ය අගමැති රෝහලෙන් පිටවේ

කොරෝනා ආසාදනය නිසා පසුගියදා දැඩි සත්කාර ඒකකයට පවා ඇතුළු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රතිකාර නිසා සුවය ලැබීම නිසා රෝහලෙන් පිටව ගොස් ඇත.

කොවිඩ් වයිරසය එළියට ආපු හැටි-ලෝකයේම ප්‍රසිද්ධ චීනයේ වවුල් ගැහැනිය හෙළිකරන කතාව

ගෝලීය වසංගතයක් බවට වී, මුළු ලෝකයේම ජන ජීවිතය අඩාල කර, ජීවිත ලක්ෂ ගණනක් බිලි ගනිමින් ඇති මාරාන්තික කොවිඩ් 19 වයිරසය කාන්දු වූයේ, චීනයේ වුහාන් නගරයේ ඇති වයිරස්වේදය පිළිබද ලොව සුපතළ පර්යේෂණාගාරයේ සිදුවූ අත්වැරදීමකින් බව ඇමෙරිකාව මුල සිටම කියා සිටියේය.

මාරාන්තික කොරෝනා ඇමෙරිකාව පුරා සැරි සරද්දී ජනපති ට්‍රම්ප් ගත් විශේෂ තීරණය මෙන්න

ප්‍රාන්ත සියල්ලේම ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ් අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 ම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ එරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජෝර්දානයේ ඇඟළුම් කම්හලක ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් අසරණ වෙයි

ජෝර්දානයේ අල්දුලෙල් නගරයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවයේ නියුතු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 200කට වැඩි පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවට තොරතුරු වාර්තා වුණා.

බන්ධනාගාර ID එක පෙන්නා ගිය හයර් එක බන්ධනාගාරයෙන් නවතී

2015 වර්ශයේ සේවයෙන් ඉවත් වූ බන්ධනාගාර ජේලර්වරයෙක් රාජකාරි හැදුනුපත භාවිතා කරමින් අතුරුගිරියේ සිට කොටපොල දක්වා කුලීගමනක් යමින් සිටියදී කොස්මෝදර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන මොරවක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ශිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහෙස්ත්‍රාත් ශශිකා මිථුනාරච්චි මෙනවිය අද නියෝග කලාය.

සජිත්ට විපක්ෂ නායක කාර්යාලය මැතිවරණ කටයුතු සඳහා යොදාගන්න අවසර දෙයි

සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි මහමැතිවරණ කටයුතු සඳහා කොළඹ, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි අංක 30 දරණ විපක්ෂ නායක කාර්යාලයේ පැරණි ගොඩනැඟිල්ල භාවිත කිරීමට පෙරේදා (11) දිනයේ සිට වෙන් කර ඇත.

මිලියන 3270 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා මෙහෙයුමකින් සොයා ගනියි

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ ගැඹුරු මුහුදේ දී සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

නිදහසට බාධා වන නිසා ස්වීඩනය කොරෝනා නීති ප‍්‍රතික්ෂේප කරයි

කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා රට වසා දැමීම හෝ ජනතාවට නීති පැනවීම ස්වීඩනය විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

චීනය මසට ඇති කළ හැකි සතුන් ලැයිස්තු ගතකරයි

මාංශ අවශ්‍යතා සඳහා ගොවිපොළ වල ඇති කළ හැකි සත්ත්ව ලැයිස්තුවක් නිකුත් කරන්නට චීන රජය පියවරගෙන තිබෙනවා.

ලෝක සෞඛ්‍ය තත්වයට මෙන්ම ගෝලීය ආර්ථිකයටද දරුණු බලපෑමක් එල්ල කල කොරෝනා වෛරසය වුහාන්හි සත්ත්ව වෙළෙඳ කලාපයකින් ආරම්භ වීම සැලකිල්ලට ගනිමින් මෙම තිරණය ගෙන ඇතැයි සඳහන්.

සැමන් හා පරිප්පු පාලන මිල ඉවත්කරයි !

පරිප්පු සහ ටින් කළ මාළු පාලන මිලෙන් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 65කට ද ටින් කළ මාළු රුපියල් 100කට ද අලෙවි කළ යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය මාර්තු මාසයේදී ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 5ට ඔන්න මෙන්න- මරණ 18000 පනී

ඇමෙරිකා එක්සත් ජනපදය ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සිටින රට ලෙස මේ වනවිට 500,000ක ආසාදිත සීමාවකට පැමිණ තිබේ.

ඒ අනුව අද උදෑසන වනවිට එරටින් වාර්තා වූ ආසාදිතයන් ගණන 492,240ක් වන අතර, සිදුව තිබූ මරණ සංඛ්‍යාව 18,350කි.

ඉන්දීය සහ පකිස්ථාන දේශසීමාවේ දරුණු ගැටුම්

ඉන්දීය හමුදාව සහ පකිස්ථාන හමුදාවන් අතර ජම්මු හා කාශ්මීර ඉදිරි ආරක්ෂක වළල්ලේ ගැටුම් හට ගෙන තිබෙනවා. අද දහවල් කාලයේදී පාකිස්ථාන හමුදාව විසින් ඉන්දිය භට පිරිස් ඉලක්ක කර ගනිමින් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කිරිමත් සමග දෙපාර්ශවය අතර ප්‍රබල ගැටුම් හට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මාර්ගවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැලඳීම අද සිට අනිවාර්ය වෙයි

මාර්ගවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැලදීම අද සිට අනිවාර්ය වනවා.

මුඛ ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයින් ආපසු හරවා යැවීමට කටයුතු කරන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා සියලූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ස්ථාන වෙත නියෝග කර තිබෙන්නේ.

1930 වර්ෂ‌යෙන් පසුව ගෝලීය ආර්ථිකය දරුණු කඩා වැටීමකට - මිලියන 500ක් දුගී භාවයට

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ ගෝලීය ආරථික වර්ධන වේගය ඉතා පහළ මට්ටමකට ඇද වැටෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවයි.

1930 වර්ෂයේදී මුහුණ දුන් ගෝලීය ආර්ථික අවපාතයෙන් පසුව මුහුණ දෙන විශාලතම ආර්ථික අවපාතය මෙය බව IMF ප්‍රධානි Kristalina Georgieva සඳහන් කරයි.

මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සම්පූර්ණයෙන්ම සුවය ලබා නිවසට යයි - ‌පොලිස් ආරක්ෂාවත් ‌‌දෙයි

රත්නපුර, මුද්දූව ප්‍රදේශයේ පදිංචි කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සම්පූර්ණයෙන්ම සුවය ලබා ඊයේ නිවසට පැමිණ තිබේ.

මේ අතර ඇයට පොලිස් ආරක්ෂාව ලබාදීමට පොලිසිය කටයුතු කර තිබේ.

කොරෝනා නිසා ගමට යන්න බැරිව සිරවුනු අය ගමට නොයවයි !

ඇඳිරි නීතිය හේතුවෙන් දිස්ත්‍රික්කවල සිරවී තම ගම්බිම් බලා යාමට නොහැකිව සිටින පුද්ගලයන්ට අපේ‍්‍රල් මස 20නක දින දක්වා ආපසු නොයැවීමට රජයය තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

වෛරසයේ දෙවැනි රැල්ලක් ගැන චීන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

චීනය කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කරන්නට සමත් වුවද නැවත වරක් එය පැතිර යාමේ අවදානමක් ඇති බව චීන ජනපති ෂි ජින්පින් පෙන්වා දෙනවා.

වෛරසයේ ගෝලීය පැතිරීම තවදුරටත් පැවතීම මීට හේතුවිය හැකි බව එරට නිළ පුවත් සේවය දක්වා තිබෙනවා.

සූර්යයාගේ ඉහළතම විභේද සහිත ඡායාරූප කිහිපයක් නාසා ආයතනය මාධ්‍ය වෙත නිකුත් කරයි - (Photos

සූර්යයාගේ ඉහළතම විභේද සහිත ඡායාරූප කිහිපයක් මේ වනවිට නාසා ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.

එම ඡායාරූපවල සූර්යාගේ වායුගෝලයේ තත්ත්වය පැහැදිලි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.

කොරෝනා සිද්ධි හේතුවෙන් අමෙරිකානු නාවුක හමුදාවේ වැඩබලන ලේකම් ඉල්ලා අස්වෙයි

අමෙරිකාවේ යුද ගුවන් යානා රැගෙන යන යූඑස්එස් තියඩෝර් රූස්ට්වෙල් නෞකාවේ ඇති වූ කොරෝනා සිද්ධිය හේතු කොටගෙන අමෙරිකානු නාවුක හමුදාවේ වැඩබලන ලේකම් තෝමස් මොඩ්ලි ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලොව පුරා අනුදහසක් බිලි ගනිමින් කෝවිඩ් දින 100 පසු කරයි

නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය හදුනාගෙන දින 100 ක් පසුවන විට ලෝකය පුරා වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව අනුදහස ඉක්මවා තිඛේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් හදුගෙන මේ වන විට දින 100 ක් ගතව ඇත.