gossip lanka

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ධූරය යලිත් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්ට

වත්මන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේඛම් ධූරය දරන සමයේ ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සහ මුලින්ම පරාජය කල අවසන් මෙහෙයුම් දියත්වන කාල වකවානුවේ  ත්‍රිවිධ හමුදාවන්ට විශිෂ්ඨ සහයක් ලබා දෙන අතරම සමකාමී සිවිල් ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමට ජාති ආගම් බේදයකින් තොරව අගනා සේවයක් කල එවකට පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ධූරය දැරූ
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගෙන් පසු එම වගකීම භාරගෙන පුනරුත්ථාපනය වූ තස්තවාදීන් නැවත ජනගත කිරීමේ වැඩපිළිවෙළේ පුරෝගාමියෙකු වූ ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා ජාති ආගම් භේදයකින් තොරව සරත් වීර සේකර මහතාට නොදෙවෙනි වූ සේවාවක් ඉටුකරන ලද රියර් අද්මිරාල් ආනන්ද වීරසේකර මහතා  යලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ධූරයට පත්කර තිබේ..

සාමය සහ සංහිඳියාව වෙනුවෙන් තවත් බොහෝ කාර්‍යභාරයක් ශේෂ වී ඇති පසුබිමක ඔහු වැනි අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු එම තනතුරට පත්කිරීම ඉතාම ⁣කාලොචිත තීරණයක් බව බොහෝ දෙනෙකුගේ අදහසවී තිබේ.

බන්ධුල සුබසිංහ
gossip lanka