gossip lanka

ජනතා විරෝධය නිසා මුල් ගල් තැබීම නවතී

ඉහලගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ නිල සෙවන කාර්යාලය ඉහලගොඩ දකුණ ග්‍රාම නිලධාරි වසමතුල ස්ථාපනය කිරීම සඳහා ඊයේ (15) සංවිධානය කර තිබූ මුල්ගල් තැබීමේ උත්සවය ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් අත්හිටුවීමට සිදු වුනා.


මෙකි නිලසෙවන කාර්යාලය රුපියල් ලක්ෂ 22ක මුදලකින් ඉදිකිරිමට නියමිතව තිබුනි. නිල සෙවන කාර්යාලය සදහා මුල්ගල් තබන ස්ථානය  මුල්කරගෙන චින මිත්‍රත්ව ගම්මානයේ පදිංචිකරුවන් පිරිසක් අද (15) උදෑසන සිට දැඩි වර්ෂාව මැද විරෝධතාවයේ නිරතව සිටියා.

දහවල් 11.30 ට පමණ චිජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා පැමිණි අතර මුල්ගල් තැබීමට ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පලකරන්නට වූහ. විරෝධතාකරුවකු මුල්ගල තැබිම සදහා කපනු ලැබු වළේ දිගාවි විරෝධතාවයේ නිරත වූ අතර හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා විසින් මුල්ගල්  තැබිමට පෙර විරෝධථා කරුවන් සමග සාකච්ඡාවක්ද පවත්වා තිබුණා.

එහෙත් එය සාර්ථකව තිබුනේ නැත. අනතුරුව මන්ත්‍රීවරයා විරෝධතාවයක් තිබේ නම් මෙම ස්ථානයේ මුල්ගල නොතබන බවත් ඉහලගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ නිල සේවන කාර්යාලය සදහා මුල්ගල වෙනත් ඉඩමක තබන බව මෙහිදි හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා විරෝධතාකරුවන්ට ප්‍රකාශ කළා.

මාපලගම රසික සෙනවිරත්න
gossip lanka