gossip lanka

යාපනයේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා නැරඹූ 94%ක් මරණ දඬුවමට පක්ෂයි

යාපනයේ පැවති එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ජනාධිපති මාධ්‍ය අංශ කුටියු තුළ වූ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මරණ ද ඩුවම පිළිබදව ජනතාවගේ පක්ෂ-විපක්ෂ මතය විමසීමේදී 94.89%ක ප්‍රතිශතයක් මරණ දඬුවමට පක්ෂව සිය මනාපය පල කර තිබිණි.


මෙහිදී විසි දහසකට ආසන්න ප්‍රමාණයක් මත විමසුමට සහභාගි වී තිබූ අතර ඡන්දය භාවිත කළ අය අතර එම මතයට විපක්ෂව ඡන්දය දී තිබුණේ 5%කට ආසන්න ප්‍රමාණයකි.

මේ අතර මෙම මත විමසුමේ දි මරණ දඩුවමට විරුද්ධ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඡන්දය භාවිත කිරිම ද කැපි පෙනෙන සිදු විමක් විය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම මත විමසුමට ඡන්ද භාවිත කිරිමෙන් වැලකී සිටියේ ය.
gossip lanka