gossip lanka

ගජධීරගේ මන්ත්‍රීකම සිරිසේනට දුන් ගැසට් එක එයි

චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පසුව පුරප්පාඩු වු මාතර දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා මනෝජ් සිරිසේන මහතාගේ නම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අනෙක් සාමාජිකයන් දෙදෙනාගේ අත්සන්වලින් යුතුවයි එම නිවේදනය නිකුත් කර ඇත.

ගජධීරගේ අනුප්‍රාප්තික සිරිසේන මහතා දකුණු පළාත් සභා ක්‍රීඩා හා තරුණ කටයුතු, සංස්කෘතික හා කලා, සමාජ සුභසාධනය, පරිවාස රැකවරණය හා ළමා ආරක්ෂණ, කාන්තා කටයුතු, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස්බල හා රැකියා යන අමාත්‍ය ධූර ගණනාවක් හෙබවූ අයෙකි.

2015 මහමැතිවරණයේ ප්‍රථිඵලවලට අනුව මාතර දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ පරාජිත අපේක්ෂකයන් අතරින් වැඩිම මනාප හිමිකරගෙන තිබුණේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය.

එහෙත් ඔහු මේ වන විට ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය  කරයි.
gossip lanka