gossip lanka

දුවගේ බොරු දූෂණ චෝදනාවෙන් වසර 8ක් දුක් වින්ද පියෙක්

බණ්ඩාරගම, ගුංගමුව නිවෙසකදී සිය දියණිය දූෂණය කළා යැයි චෝදනා ලද පුද්ගලයකු ඊයේ (12දා) පානදුර මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නි‍ෙදාස් කොට නිදහස් කරන ලදී.

මෙලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ කෝදුරාගේ මහින්ද පෙරේරා නමැත්තෙකි.


2009 වසරේදී සිය පියා විසින් තමන්ව දූෂණය කළ බව පවසමින් එවකට දහහතර හැවිරිදි වියේ පසුවූ පැමිණිලිකාරිය ඉන් වසර දෙකකට පමණ පසු, 2011 වසරේදී කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට මේ සිද්ධිය පැමිණිලි කර තිබිණි.

සිය පියා එවකට මත්පැන් බීගෙන පැමිණ නිවෙසේ සියලුදෙනාට පහර දෙමින් කරදර කළ බැවින් ඔහුව නිවෙසින් ඈත්කර තැබීම සඳහා සීයාගේ ඉගැනුම්බහට තමන් එලෙස පැමිණිලි කළ බව අධිකරණයේදී අනාවරණය වීමෙන් පසු විනිසුරුවරයා ඉහත කී තීන්දුව ලබාදී ඇත.

පැමිණිලිකාරියගේ සීයා මේ වන විට මියගොස් ඇතැයිද එහිදී අනාවරණය විය.

කොළඹ - එම්.සී. පෙරේරා
gossip lanka