gossip lanka

පාකිස්තානුවන් 7ක් ලංකාවේදී දිවි ඇති තෙක් සිරගෙට

ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වැරදිකරුවන් වූ පකිස්තාන ජාතිකයින් 07 දෙනෙකුට මිගමුව මහාධිකරණය විසින් ජිවිතාන්තකය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.


මෙම පිරිසෙන් කාන්තාවන් දෙදෙනෙක් සහ එක් පුද්ගලයෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්ඩංගුවට ගෙන තිබු අතර ඉතිරි පකිස්තාන ජාතිකයින් සිව්දෙනා ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාරදීමෙන් පසුව ඔවුන්ට එරෙහිව මිගමුව මහාධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.

එලෙස චෝදනා ලැබුවන් සම්බන්ධයෙන් වන විස්තර පහතින් දැක්වේ.

1). 2016 වර්ෂයේ දී හෙරොයින් ග්‍රෑම් 425ක් (ගුලි 48ක්) ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අන්දුල් කාශිෆ් යන අයද,

2). 2016 අප්‍රේල් මස 25 වෙනිදා හෙරොයින් කිලෝග්‍රෑම් 08 ග්‍රෑම් 628 ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට ඛාන් අබ්බාස් යන  අයද,

3). 2017 වර්ෂයේදී හෙරොයින් ග්‍රෑම් 973ක් ශ්‍රී ලංකාවට ආනයන කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට ඉක්රම් මුහමඩ් යන යන අයද,

4) 2017 වර්ෂයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 26ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් මුහමඩ් නදීම් යන අයද,

5). 2017 වර්ෂයේදී හෙරොයින් ග්‍රෑම් 136ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට කාදීර් ශබ්සාදා යන අයද,

6). 2017 වර්ෂයේදී හෙරොයින් 376 මිලිග්‍රෑම් 46 ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට ෂාකිර් මුහම්ද් යන අයද,

7) 2017 වර්ෂයේදී ග්‍රෑම් 82ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට කාදීර් ෆයිසා අලී නම් සැකකාරිය.

මෙම ඉහත නම් සඳහන් සැකකරුවන් හය දෙනාට සහ සැකකාරිය තමන් කල වරද පිළිගනිම හේතුවෙන් ඔවුන්ට එරෙහිව මිගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමට ඊයේ දින නියෝග කර ඇත.
gossip lanka