gossip lanka

වෙලේ සුදා සහ සුසෙයි වහාම වැලිකඩින් වෙන තැනකට මාරු කිරීමේ සූදානමක්..!

දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ හෙරොයින් මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු වන වෙලේ සුදා සහ සුසෙයි නමැත්තන් වහාම වෙනත් බන්ධනාගාර දෙකකට මාරුකර යෑවීමට බන්ධනාගාර බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

වෙලේ සුදා සහ සුසෙයි මේ වනවිට වැලිකඩ
බන්ධනාගාරයේ වයි.ඕ. වාට්‌ටුව ආසන්න සිර මැදිරියක රඳවා සිටිති.

මොවුන් දෙදෙනාම බන්ධනාගාරගතව සිටිමින් ජංගම දුරකථන හරහා දිගින් දිගටම මත්කුඩු ජාවාරම මෙහෙයවන බවට පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ බුද්ධි අංශ මගින් පසුගිය කාලයේ කරුණු පෙන්වාදීම මෙයට හේතුවී ඇත.

මේ දිනවල ක්‍රියාත්මක කර ඇති බන්ධනාගාර ස්‌ථාන මාරු සමඟ මෙසේ වෙලේ සුදා සහ සුසෙයි ද මාරු කිරීමට නියමිත අතර මෙහිදී බොහෝ දුරට සුසෙයි අනුරාධපුර බන්ධනාගාරයටත් වෙලේ සුදා අඟුණකොළපැලැස්‌ස බන්ධනාගාරයටත් මාරු කෙරෙනු ඇතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක්‌ පැවැසීය.


gossip lanka