gossip lanka

ජනාධිපති අසනීපයෙන්.. ප‍්‍රතිකාර සදහා හමුදා රෝහලට..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

ඒ මහතාට සෙම් අමාරු තත්වයක් හේතුවෙන් ප‍්‍රතිකාර ලබා ගනිමින් ඇති බවත් අද දිනයේ බොහෝ දුරට රෝහලෙන් නික්ම යාමට හැකියාව ඇති බවත් එම
ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් අප කල විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ ජනාධිපතිවරයා කොළඹ යුද හමුදා රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගෙන ජනාධිපති නිල නිවසේ විවේකයෙන් සිටින බවයි.

ඔහුගේ අසනීප තත්වය ඉතා සුළු එකක් යයිද ඔහු කියා සිටියේය.


gossip lanka