gossip lanka

'පොලිස් බලතල හමුදාවට දෙන්න නීති හදනවා' - මහින්ද

අවුරුදු එකසිය පනහකට වඩා පොලිසිය කරනු ලැබූ රාජකාරිවලට හමුදාව යොදවන්න ආණ්ඩුව නීති රීති සකසමින් වෙනත් පාලන ක්‍රමයකට සූදානම් වන බව පෙනෙන්නට ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගාල්ලේදී පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ පසුගියදා (11දා) ක්‍රීඩා මණ්ඩපයේදී පැවැති හිටපු අමාත්‍යවරයකු වූ ආචාර්ය
රිචඩ් පතිරණ මහතාගේ දසවැනි ගුණානුස්මරණ උත්සවය අවස්ථාවේදීය.

මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී මෙසේද පැවැසීය.

''මේ ආණ්ඩුව හැම ප්‍රශ්නයකදීම ඊට මැදිහත් නොවී පොලිසිය සහ වෙනත් කණ්ඩායම් යොදවා ඒවා මර්දනය කිරීමේ වැඩපිළිවෙළ දිගින් දිගටම ගෙන යනවා.

ඔවුන් එකිනෙකා කොටවමින් රට පාලනය කරන්න හදනවා. ඒ නිසා අද රටේ තියෙන තත්ත්වය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ. රටේ තියෙන ජීවන වියදම ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ.

නීතියට විරුද්ධව එෆ්.සී.අයි.ඩී. කියලා ආයතනයක් හදලා පොලිසිය සාමාන්‍යයෙන් කරන සේවය වෙනුවට එෆ්.සී.අයි.ඩී. එක ක්‍රියාත්මක කරලා, තියෙන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්න ඔවුන් පියවර අරන් තියෙනවා.

අපි නීති විරෝධීය කියලා මේකට නඩු දාලා තියෙනවා. ජී.එල්. පීරිස් ඇමැතිතුමාලා. නමුත් ඒවට නඩු තාම අහන්නේ නෑ.

මේ සියල්ලම දිහා බලනකොට ප්‍රජාතන්ත්‍රවාදය අපේ රටින් අෑත් වෙනවා. අවුරුදු එකසිය පනහකට වඩා පොලිසිය මේ රටේ රාජකාරි කළා. ඒ රාජකාරි පැත්තකට දාලා තියෙනවා. නීති වෙනස් කරලා හමුදාවටත් පොලිස් රාජකාරි කරන්න අවස්ථාව ලබා දෙනවා.

මේකෙන් මොකක්ද කෙරෙන්නේ. මේකෙන් කෙරෙන්නේ හාමුදුරුවනේ බොහොම පැහැදිලිවම හමුදාකරණය කිරීම. මේවා පිළිබඳව ජනතාව දැන ගන්න ඕන. ඒ නිසා තමයි අපි සැප්තැම්බර් පස්වැනිදාට විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරන්න කටයුතු කළේ..''


gossip lanka