gossip lanka

මහින්දගෙන් CID ප‍්‍රශ්න කිරීමට එරෙහිව විරෝධතා…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ක්‍ෂෘ ය ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට විරෝධය පල කරමින් මිනුවන්ගොඩ ප‍්‍රදේශිය සභාවේ පොහොට්ටු මන්ත‍්‍රීවරු කලූ පටි පැලඳ විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් අද (17) ප‍්‍රාදේශිය සභාව තුල විරෝධතාවයක නිරත වූහ.

මෙය හිටපු ජනාධිපතිවරයාට නැගුණු අභූත
චෝදනාවක් බවත් ආණ්ඩුවට වසර 03 ක් සම්පූර්ණ වන අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීම දේශපාලන ක‍්‍රමන්ත‍්‍රණයක් බවත් මන්ත‍්‍රීවරු චෝදනා කලහ.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම අද (17) උඩුගම්පල ප‍්‍රාදේශිය සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුනේ මිනුවන්ගොඩ ප‍්‍රාදේශිය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

සභාපතිවරයා ප‍්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂයේ මන්ත‍්‍රීවරු සභාවට පැමිණියේ කලූපටි පැලඳ විරෝධතා පුවරුද අතැතිවය.

‘මාධ්‍යවේදී රිචඞ්ද සොයිසා ඝාතනය කල රනිල්ගෙන් ප‍්‍රශ්න කරනු, කලාද? පේ‍්‍රමකීර්ති, සාගරිකා ගෝමස් ඝාතනය ගැන අනුර කුමාරගෙන් ප‍්‍රශ්න කරනු. මාධ්‍යවේදී රෝහණ කුමාර ඝාතනය ගැන චන්ද්‍රිකාගෙන් ප‍්‍රශ්න කරනු’ යනුවෙන් සඳහන් පුවරු ඔවුන් අතවිය.

මෙහිදී සභාවට යෝජනාවක් ගෙන ආ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රී නෙවිල් ආනන්ද මහතා (ශ්‍රී.ල.පො.පෙ.) කියා සිටියේ රට බේරාගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගෙන් ක්‍ෂෘ ය ප‍්‍රශ්න කිරීම දැඩි ලෙස හෙලා දකින බවයි. යෝජනාව උප සභාපති සුජීව සම්පත් මහතා ස්ථීර කලේය. සුජීව සම්පත් උප සභාපතිවරයා (ශ්‍රී.ල.පො.පෙ.) යෝජනාව ස්ථීර කරමින් කීවේ මෙය රාජපක්‍ෂවරුන් අපකීර්තියට පත් කිරීමේ ආණ්ඩුවේ සැලසුමක් බවය. ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රී සෝමපාල අත්තනායක මහතා (ශ්‍රී.ල.පො.පෙ.) අදහස් දක්වමින් මෙම ආණ්ඩුව මෙරට බිහිවූ අසාර්ථකම ආණ්ඩුව බව කීවේය. මෙය තනිකරම තුප්පහි ආණ්ඩුවක් බවද ඔහු කීවේය.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශිය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතා සඳහන් කලේ ආණ්ඩුව පත්වී වසර 03 ක් සම්පූර්ණ වන අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ක්‍ෂෘ ය ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම තුලින් ආණ්ඩුවේ සැබෑ නිරුවත හෙලිවන බවය. දේශපාලන පලිගැනීම් මිස වත්මන් රනිල් මෛත‍්‍රී ආණ්ඩුව රටට කල සෙතක් නැති බව පෙන්වා දුන් අරංගල්ල මහතා මේ ආණ්ඩුව ගෙදර යැවීම රටේ ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව බව කීවේය

දුෂ්‍යන්ත විජේසේකර (ශ්‍රී.ල.පො.පෙ.) අදහස් දක්වමින් කීවේ වත්මන් ආණ්ඩුව රාජ්‍ය ආයතන ස්වාභාවික මරණයකට ලක් කරමින් සිටින බවය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත‍්‍රීවරුන් වන චන්දික නාරනාපිටිය, සෝමපාල රන්දෙනිය, දර්ශිකා ගුණසේකර, සුසිල් අනුර කුමාර යන මහත්ම මහත්මීන්ද මෙහිදී ක්‍ෂෘ ය මගින් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රශ්න කිරීම හෙලා දකිමින් කථා කලහ. ශ්‍රී.ල.නි.ප. ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රී ඉසුරුජිත් විතාන මහතාද අදහස් දක්වමින් කීවේ මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පලි ගැනීමට තම කණ්ඩායමද විරුද්ධ බවය. එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී ඩෙන්සිල් යාපා අදහස් පල කරමින් මෙම ප‍්‍රශ්න කිරීම සාධාරණ බව පැවසීමත් සමග පොහොට්ටුවේ මන්ත‍්‍රීවරු ඊට දැඩි විරෝධය පල කිරීමත් සමග සභාව නොසන්සුන් විය. ජ.වි.පෙ. මන්ත‍්‍රීවරයාද මෙම ප‍්‍රශ්න කිරීමට පක්‍ෂව අදහස් පල කල අතර ඒ අවස්ථාවේදීද සභාව දැඩි ලෙස නොසන්සුන් විය. මෙහිදී සභාව සන්සුන් කිරීම සදහා සභාපති කුමාර අරංගල්ල මහතා දැඩි උත්සාහයක් ගනු දක්නට ලැබිණි.

– ප‍්‍රදීප් අනුර කුමාර

gossip lanka