gossip lanka

පෞද්ගලික බස්‌වල 'කල්ල මරේ'

දුම්රිය වර්ජනය හේතුවෙන් පෞද්ගලික බස්‌ සේවාවේ ආදායම දෙගුණයකින් වැඩිවී ඇතැයි පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා ඊයේ (09දා) ප්‍රකාශ කළේය.

මෙවැනි වර්ජනයක්‌ ඇතිවුවහොත් පාඩු ලබන බස්‌ සේවාව ලාභ ලබන බව පැවසූ ගැමුණු විඡේරත්න මහතා මෙම වර්ජනය තව දින දෙක තුනක්‌ ඇදී ගියහොත් පෞද්ගලික බස්‌ සේවාව තුළින් සතුටක්‌
ලැබිය හැකි බවද කීය.

 දුම්රිය මාර්ග ආශ්‍රිතව ධාවනය කෙරෙන පෞද්ගලික බස්‌ රථ මේ හේතුවෙන් මේ දිනවල ලාභ ලබන බවද හෙතෙම කීවේය.

 දුම්රියේ ගමන් කිරීමට පුරුදුවූ මගීන් මෙම වර්ජනය නිසා පෞද්ගලික බස්‌ රථ සේවාව පිළිබඳව පැහැදී මෙසේ බස්‌ රථවල ගමන් කිරීමට කැමැත්තක්‌ දක්‌වන බවද ගැමුණු විඡේරත්න මහතා පැවැසීය.

- දිවයින
gossip lanka