gossip lanka

'ඥානසාර හිමිගේ හිතේ තිබුනදේ සලකා බැලිය යුතුයි'

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව ගන්නා විට විනිශ්චයකාරතුමා ඥානසාර හිමි කල ප්‍රකාශය කරන විට චින්තනයේ තිබුනේ කුමක්දැයි සලකබැලිය යුතුව තිබුන බව ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහනායක අති ගෞරවාර්හ නාපාන ප්‍රේමසිරි මහනායක හිමිපාණන් වහන්සේ පවසති.

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබාදුන් අධිකරණ තීන්දුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා
බොදුබල සේනා සංවිධානයේ ස්වාමීන්වහන්සේ පිරිසක් පෙරේදා (14) මහනායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේදී උන්වහන්සේ එබව සඳහන් කළහ.

එහිදී අදහස් දක්වමින් මහනායක හිමියන් වහන්සේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර සිටියහ.

"නඩුවේ තීන්දුව ගන්නකොට විනිශ්චයකාරතුමා ඥානසාර හිමි ඔය ප්‍රකාශය කරන විට චින්තනයේ තිබුනේ කුමක්දැයි සලකබැලිය යුතුයි.

ගරු විනිශ්චයකාරවරු පැහැදිලිකර ගත යුතුයි ඥානසාර හිමි ප්‍රකාශය කරන අවස්ථාවේදී උන්වහන්සේගේ අදහස තිබුනේ කුමක්ද කියලා. ඒ අවස්ථාවේ ඥානසාර හිමිගේ අදහස උසවියාවත් විනිශ්චයකාරවරුවත් නොවෙයි. උන්වහන්සේගේ හදවතේ තිබුනේ ජාතියට විපත්තියක් වෙන අවස්ථාවේදී මා ඉදිරිපත්වෙනවා කියන හැගීමයි.

අපේ විනය පොතේ සඳහන් වෙන්නේ භික්ෂුන් වහන්සේ නමකට ඒ ඒ අවස්ථාවේදී ඇතිවන තත්වය මතයි දඬුවම් දෙන්නේ. මම අදහසේ හැටියට විනිශ්චයකාරවරු තව ටිකක් හිතුවනම් හොදයි කියන එකයි.

දැන් තියෙන්නේ අවස්ථාව අනුව කල යුත්තේ කුමක්දැයි විමසා කටයුතු කිරීමයි. ඊළඟට මේක පුර්වාදර්ශයක් වෙයි. මීළඟට මහා සංඝයා ඔක්කොම හිරේ ගිහින් තියෙයි. සංඝ සභා එක් වෙලා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කල යුතුයි."


gossip lanka