gossip lanka

අසාර්ථක වර්ජනයෙන් පසු බස් සේවකයෝ අලුත් තීරණයක

දින දෙකක් තිස්සේ සිදුකෙරුණු සිය වැඩවර්ජනය අකුරට වැඩ කිරීම දක්වා ලිහිල් කිරීමට සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය තීරණය කර තිබෙනවා.

ඊට හේතු වූ කරුණු මොනවාදැයි පැහැදිලි කළ එහි ප‍්‍රධාන සංවිධායක යූකේ කුමාරරත්න රේණුක පෙන්වා දෙන්නේ බස් හිමියන් විසින් එල්ල කරන ලද බාහිර බලපෑම් හේතුවෙන් 80%ක් පමණ තම සංගමය
සමග සිටි සේවක පිරිස 40% පමණ දක්වා අඩුව ඇති බවයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය කැඳවූයේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් වැඩි කෙරුණු ස්ථානීය දඩවලට විරෝධය පළකරමින්.

කෙසේ වෙතත් වැඩවර්ජනයක් සිදු කෙරුණු ඊයේ සහ පෙරේදා බස් ධාවනයට කැපී පෙනෙන බලපෑමක් සිදුව තිබුණේ නැහැ.

ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ කවුරුන් වැඩවර්ජනය කළ ද වැඩිකළ දඩ අඩු නොකරන බවයි.

මේ අතර ඊයේ සහ පෙරේදා ධාවනය නොකළ බස්රථ මොනවා දැයි කරුණු රැස් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති එම්ඒපී හේමචන්ද්‍ර පැවසුවේ වැඩවර්ජනයේ නිරත වූ සේවකයන් හදුනාගෙන ඔවුන්ට පුහුණු සැසි සංවිධාන කිරීමට ද අපේක්‍ෂා කරන බවයි.

gossip lanka