gossip lanka

අඟුණකොළ පැලැස්සට යන වැලිකඩ රැඳවියන් !

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටි කාන්තා රැඳවියන් 138 දෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යවා තිබේ.
එහි බන්ධනාගාර අධිකාරී ඒ.ඩබ්ලිව්.එස්. ධම්මික මහතා සඳහන් කළේ, වැලිකඩ බන්ධනාගාරයේ ඉඩකඩ පහසුකම් අඩුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

එම බන්ධනාගාරයේ මේ වනවිට කාන්තා රැඳවියන් 28 දෙකෙකු සිටින බව ද ඔහු කියා සිටියේය.
ඔහු සදහන් කළේ එම රැදවියන් මාරු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන්ට ලිපි මගින් දැනුම්දීමට පියවර ගන්නා බවයි.
gossip lanka