gossip lanka

ඉන්දියාව, ලංකාව අතර මගී නැව් සේවාවට කටයුතු ඇරඹේ

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී නැව් සේවාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල කඩිනම්ව සිදුවෙමින් පවතින අතරතුර ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‌ෂක අංශ ප්‍රධානි කපිතාන් අශෝක්‌ රාඕ මහතා පසුගියදා ඒපිළිබඳව කරුණු සොයා බැලීම පිණිස තලෙයිමන්නාරමට පැමිණ තිබේ. තලෙයිමන්නාරම පැමිණි
කපිතාන්වරයා තලෙයිමන්නාරමේ නාවික හමුදා නිලධාරීන් සමග සාකච්ඡා කොට තිබේ.

ඉන්දියාවේ රාමේෂ්වරන් සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්‌වා මගී නැව් සේවාව ආරම්භ කිරීමට ඉන්දීය රජය කටයුතු යොදමින් සිටින අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේදී මේ නැව් සේවාව ආරම්භ කිරීම සඳහා දැනට දෙරටට ඇති ගැටලුව සාකච්ඡා කළේය.

දිනසේන රතුගමගේ



gossip lanka