gossip lanka

වැඩි මිලට තෙල් ගැසූ අයට පාඩු වූ මුදල් ආපසු දෙන්නලු

මුදල් අමාත්‍යාංශය විසින් 2018/07/05 දින නිකුත් කරන ලද ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා වන නිවේදනය අනීතික වන බැවින් 2018/7/06 දින වැඩි මිලට ඉන්ධන මිලදී ගත් පාරිභෝගිකයින්හට එම පාරිභෝගිකයින් ගෙවූ වැඩි පුර මුදල යළිත් ලබා දීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු වී තිබෙනවා.

ඒ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින්.

අමාත්‍යංශ දෙකක කඔ ඇදිල්ල නිසා අසරණ වූයේ මෙරට පාරිභෝගිකයින් බව පෙන්වා දෙන ඔවුන් 6 වැනි දා දහවල් වන විටත් වැඩි මිලට ඉන්ධන මිලදී ගැනීමට මෙරට පාරිභෝගිකයින්ට සිදුවූ බව සඳහන් කර තිබෙනවා.

මෙම සිදුවීම පිළිබදව සළකා බලා මෙරට ප්‍රමුඛම පාරිභෝගික සංවිධානය තමන් යෝජනා කිහිපයක් ජනාෂිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවත් රටේ යහපාලනයක් ස්ථාපිත කිරීම සඳහා වෙහෙසන ජනාධිපතිවරයා ඒ පිළිබදව අවධානය යොමු කරනු ඇතැයි සිය සංවිධානය බලාපොරොත්තුවන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අදාළ ලිපියෙන් පවසනවා.
gossip lanka