gossip lanka

සෞඛ්‍ය සේවයේ වැට් බදු අහෝසියි !

සෞඛ්‍ය සේවාව සඳහා පනවා ඇති වැට් බද්දද අඩුකළ යුතු බව ජාතික ආර්ථික සභාවේදී තමා යෝජනා කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට වැට් බදු පැනවූ විට එය රෝගියා පිට පැටවෙන බවත් අවසානයේ එවැනි රෝගීන් සඳහා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් ඇමැතිවරයා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්
ඇමැතිවරයා එම කාරණය සඳහන් කළේය.

සියලුම පෞද්ගලික රෝහල්වල රෝගීන්ගෙන් අයකරන අධික ගාස්තු පාලනය කිරීමට කටයුතු කරන බව ඇමැතිවරයා එහිදී පැවැසීය.

 වෛද්‍යවරුන්ගේ බද්ද ?

 මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් සඳහා පනවා ඇති සියයට 24ක බදු පැනවීම අඩුකිරීමටද තවමත් නිෂ්චිතව තීන්දු කර නොමැති බව කියා සිටියේය.

''වෘත්තීයවේදියකු සියයට 24ක බද්දකට යටත්වන්නේ මාසයකට ලක්ෂ තුන හමාරක ආදායමක් ලැබුවොත් පමණයි. එසේත් නැත්නම් අවුරුද්දකට රුපියල් ලක්ෂ 42ක් වැනි විශාල ආදායමක් උපයන වෘත්තියවේදීන් පමණයි. මෙම සියයට 24ක බද්දට යටත් වන්නේ.

ඒ නිසා වෛද්‍යවරුන් මතුකරන මෙම ඉල්ලීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ඇමැතිවරයා පැවැසීය. එම සියයට 24ක බද්ද ගෙවීමත් අදියර කිහිපයක් යටතේ සකස් වන්නක් බවද ඇමැතිවරයා පැවැසීය.

රජයේ එකම අරමුණ ජනතාව මත පැටවෙන වක්‍ර බදු හැකිතරම් අඩුකිරීම බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මේ වසර අවසාන වන විට සාමාන්‍ය වැට් බද්ද සියයට දෙකකින් අඩුකරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.




gossip lanka