විහාරස්ථානයක පිං කැටයක් කැඩීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවක සැකකරුවකු අධිකරණයේදී අශෝභන ලෙස හැසිරී මහෙස්ත්‍රාත්වරයකුට පරුෂ වචනයෙන් බැන වැදීමේ සිදුවීමක් හලාවතින් වාර්තා වේ.
හලාවත මහෙස්ත්‍රාත් හා දිසා අධිකරණයේදී ඊයේ
(14දා) විභාග වූ නඩුවක් අවස්ථාවේදී මෙය සිදුවී තිබේ.
මේ සැකකරු විවෘත අධිකරණයේ උස් හඩින් බැන වැදීම හේතුවෙන් අධිකරණ කටයුතුවලට බාධා සිදු වූ අතර පසුව බන්ධනාගාර නිලධාරීන් සැකකරු අධිකරණයෙන් පිටතට රැගෙන විත් බන්ධනාගාර බසයකින් හලාවත බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත. බස්රථයෙන් රැගෙන යනවිටඅද සැකකරු අසභ්‍ය වචනයෙන් මහෙස්ත්‍රාත්වරයාට බැන වැදී තමන් නිකරුනේ සිරගත කර ඇති බව පවසා තිබේ.
මේ පිළිබඳ නඩුව විභාග කිරීම පසුවට කල් තැබිණි.
පිංකැටේ කැඩූ සැකකරු මහේස්ත්‍රාත්ටත් බැනලා
2018-06-15T12:33:00+05:30
Gossip Lanka Hot News
slide|