පුත්තලම කරුවලගස්‌වැව කුඩා මැදවච්චිය ප්‍රදේශයේ වැටී සිටියදී හමු වී මේ වන විට තබ්බෝව වැව් තාවුල්ලට රැගෙනැවිත් ප්‍රතිකාර සිදුකරන වන අලි පැටවාගේ සුව දුක් විමසා බැලීමට ඉකුත්දා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැමිණ තිබේ.
අඩි 04 ක් පමණ උසැති වයස අවුරුදු 03 ක් පමණ වන මෙම වන අලි පැටවා කිසියම් කොඳු ඇට ආබාධයකින් පෙළෙන බව වන ජීවී නිලධාරීහු
සඳහන් කරති. වැව් තාවුල්ලේ රඳවා සිටින අලි පැටවා ගොඩට ගැනීම සඳහා වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයාද වනජීවී නිලධාරීන්ට සහාය දක්‌වා තිබුණි.
අලි පැටවාට මව පහරදීමෙන් හෝ වෙනත් කුමන හෝ කාරණයක් නිසා කොඳු ඇට පෙළේ අබාධයක් ඇතිවී නැඟිටීමට නොහැකි වීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බව පශු වෛද්‍ය එච්.කේ. හේවාකෝරණ මහතා සඳහන් කළේය.
තෙවරප්පෙරුම අලි සුවදුක් විමසයි
2018-06-20T09:57:00+05:30
Gossip Lanka Hot News
slide|