gossip lanka

භූමිතෙලෙන් දුවන බස් වල බලපත්‍ර අවලංගුයි !

මෝටර් රථ වාහන පනතට පටහැනිව භූමිතෙල් උපයෝගී කරගෙන බස් රථ හෝ වෙනත් බර වාහන ධාවනය කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත හැකි ලෙස අදාළ නීති සංශෝධනය කිරීමට රජය පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

භූමිතෙල් යොදා පෞද්ගලික බස් රථ ධාවනය කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ කරුණු රැසක් අනාවරණය වූ බවත් මින් ඉදිරියට එවැනි නීති
විරෝධී ක්‍රියා පිළිබඳ කරුණු හෙළිවුවහොත් එම බස් රථවල බලපත්‍ර අවලංගු කිරීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේවුවද මැයි මස 10 වැනිදා සිට රුපියල් 44 සිට 101 දක්වා ඉහළ දමන ලද භූමි තෙල් මිල අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරෙන කැබිනට් පත්‍රිකාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

 භූමි තෙල් ලීටරයක නිෂ්පාදන පිරිවැය රු.100කි:

 මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරන පරිදි භූමි තෙල් ලීටරයක නිෂ්පාදන පිරිවැය ලීටරයකට රුපියල් 100කි.

ලොරි බස් හිමියන් ඩීසල් වෙනුවට භූමිතෙල් පරිභෝජනය කිරීම නිසා 2017 මුල් මාස 4ට සාපේක්ෂව 2018 මුල් මාස 4 තුළ භූමිතෙල් පරිභෝජනය 41%කින් ඉහළ ගියේ ය. එම මාස 4 තුළ මසකට රුපියල් බිලියනය බැගින් රජයට පාඩුවක් සිදුවිය

එවකට දෛනික භූමිතෙල් පරිභෝජනය මෙ.ටො 600කි. (මෙ.ටො 1 = ලීටර් 1270)

මිල වැඩ කිරීමෙන් පසු දෛනික පරිභෝජනය මෙ.ටො 150 දක්වා අඩු විය.

භූමි තෙල් ලීටරයක මිල අද සිට රුපියල් 70 දක්වා අඩු කළ පසු එක් ලීටරයකින් රජයට ඇති පාඩුව රුපියල් 30කි.

මෙම දෛනික පරිභෝජනය තව දුරටත් ඉහළ යා හැකි බවත් දැනට දෛනික පරිභෝජනය මෙ.ටො 150ක් බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය පවසයි.


gossip lanka