gossip lanka

හෙරෝයින් ලෝලියා යෝගට් ලොරියක්ම උස්සයි

කුලියාපිටිය යෝගට්‌ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් යෝගට් ලොරියක් සොරකම් කළ 28 හැවිරිදි හෙරොයින් ලෝලියකු ඉකුත්දා කුලියාපිටිය කොට්‌ඨාස අපරාධ විමර්ශන එකකය මගින් කොළඹ වනාතමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් එක්‌ලක්‍ෂ හතළිස්‌හය දහසකට ආසන්න වටිනාකමකින් යුතු යෝගට්‌ සහිත රුපියල් දාහත්ලක්‍ෂ පනස්‌දහසක්‌ පමණ වටිනාකමකින් යුතු ශීතාගාර පහසුකම් සහිත ලොරි රථයක්‌ පසුගිය
පොහෝ දින මෙසේ සොරකම් කර තිබේ.

කලක්‌ එම යෝගට්‌ බෙදාහරින ආයතනයේ රියදුරෙකු වශයෙන් සේවය කොට ඉවත්ව ඇති කුලියාපිටිය ඉඟුරුවත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්‌ එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොහෝ දින ආගමික වතාවත් සඳහා නිවසේ හිමිකරු හා පවුලේ සියලුම දෙනා පිටව ගොස්‌ තිබියදී එම ආයතනය පිළිබඳ මනා දැනීමක්‌ සහිත සැකකරු ගේට්ටුවේ අගුලු සිඳ භූමියට රහසිගතව ඇතුළු වී යෝගට්‌ පිරවූ ලොරිය රැගෙන පලාගොස්‌ තිබූ බව පොලිසිය කියයි.

එසේ ගමන් කරද්දී කුලියාපිටිය නාරංගල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යෝගට්‌ කිහිපයක්‌ රුපියල් 18 ක්‌ වැනි සුළු මුදලට අලෙවි කොට රිය අනතුරක්‌ද සිදුකරමින් කොළඹ වනාතමුල්ල ප්‍රදේශයට රථය රැගෙන ගොස්‌ එහිදී යෝගට්‌ වෙළෙඳ සන්නාම සහිත ස්‌ටිකර් ඉවත්කොට ඇත.

අධිවේගී මාර්ගය ඔස්‌සේ සැකකරු ලොරිය ගෙනගොස්‌ කොළඹට පිවිසි සැකකරු ලොරියේම නේවාසිකව හිඳිමින් සෑම දිනකම යෝගට්‌ විකුණා ලැබුණ මුදලින් හොරොයින් භාවිතා කර තිබූ බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

හොරණ ප්‍රදේශයේ වෙළෙඳසැල් කිහිපයකටද අවම මිල ගණන් යටතේ සැකකරු විසින් යෝගට්‌ අලෙවිකර තිබූ අතර ඉන් එම කඩ හිමියන් විසින් අලවිකර තිබූ යෝගට්‌ හැර ඉතිරිය පොලිසිය විසින් සැකකරුගේ ප්‍රකාශ අනුව සොයාගෙන තිබිණ.

සැකකරු හා ලොරිය යෝගට්‌ සමගින් කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පොලිසිය විසින් සිද්ධිය වාර්තා වී දින කිහිපයක්‌ තුළ කොළඹ ප්‍රදේශයේ සඟවා තිබූ ලොරිය හා සැකකරු සොයාගෙන ඇත.

හෙරෝයින් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් යෝගට් කෑමට විශේෂ ප්‍රියතාවක් දක්වන බවද කියවේ.


gossip lanka