gossip lanka

සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමේ සාකච්ඡා සාර්ථකයි

සම්මුති ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සඳහා ජනපති, අගමැති හා ශ්‍රීලනිප, එජාප කණ්ඩායම් පෙරේදා(05) දිනයේ සාර්ථක සාකච්ඡාවක් පැවැත්වු බව ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රීලනිප ජාතික සංවිධායක, ඇමැති දුමින්ද දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යාංශයේ ඊයේ (06)
පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අවිස්වාසයක්, විරසකයක්, සැකයක් නොමැති බවද ඇමැතිවරයා පැවසීය.

''අඩු පාඩු කම් හදා ගෙන ජනතා බලාපොරොත්තු ඉටු කරනවා''

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසිය.

''ජනාධිපතිවරයා සමහර දිනවල දිනකට දෙතුන් වතාවක් අප හමුවනවා. පෙරේදා(05) දින එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට ආණ්ඩු කිරීම පිළිබඳව පිහිටවූ කමිටු මුණ ගැසුනා. මේ සඳහා ජනාධිපතිවරයා සහ අගමැති වරයාත් සහභාගි වූණා. මෙහිදී ඉදිරියේදී කරන වැඩ සටහන් පිළිබඳව ජනතාවට ලබා දෙන සහන පිළිබඳව සාකච්ඡා කළා. මේක ඉතාම සාර්ථක සාකච්ඡාවක් ලෙස හඳුන්වන්න පුලුවන්.

ශ්‍රීලනිපයේ සභාපතිවරයා ජනාධිපතිවරයායි. මේ ආණ්ඩුවේ ප්‍රධානියාත් ජනාධිපතියි. අප ජනාධිපති අපහසුවට පත්වන ආකාරයට කටයුතු කරන්නෙ නැහැ. අප උත්සාහ කරන්නෙ රටේ ජනතාවගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න.

අප විශ්වාස කරනවා මෙම සම්මුතිවාදී ආණ්ඩුවේ තිබෙන අඩු පාඩු කම් හදා ගෙන ජනතා බලාපොරොත්තු වරප්‍රසාද වෙනුවෙන් හඩ නැගීමට කාලය උදා වී තිබෙන බව''


gossip lanka