gossip lanka

දයාසිරිට CID යන්න වෙයි

පර්පචුවෙල් ටෙ‍්‍රෂ්රීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 10ක චෙක් පතක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට ලබන සඳුදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යාමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා. පසුගිය සතියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යාමට නොහැකි වුයේ පාර්ලිමේන්තු කටයුතු හේතුවෙන් බවයි මන්ති‍්‍රවරයා  කියා සිටියේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා 
අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සිද්ධියට අදාළව ප‍්‍රකාශ සටහන් කර ගැනීමට පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර නොපැමිණි බවයි. ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමකදී මන්ති‍්‍රවරයා මේ බව කියා සිටියා.

gossip lanka