gossip lanka

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක්

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ  මීට සුළු මොහොතකට පෙර  ඇති වු ගින්නක්  නිවා දැමීමට පාර්ලිමේන්තු  ගිනි  නිවීමේ  අංශය කටයුතු  කළේය.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතාගේ  නිල කාමරයේ   වායු සමීකරණයේ මෙම ගින්න හටගෙන තිබු අතර  එහි දෝෂයක් හේතුවෙන් මෙසේ සිදු වන්නට ඇතැයි පොලිසිය සඳහන් කළේය.

විනාඩි 20 ක පමණ කාලයක් ඉතා සුළු  ගින්නක්
පැවැති අතර මෙයින් කිසිවකුටත් හානි සිදු වී නැතැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය  පැවසීය.

ගින්න නිවා දැමුවද මේ වන  විට පාර්ලිමේන්තු සංකීර්ණයේ දැඩි නොසන්සුන්තාවයක් පවති.



gossip lanka