gossip lanka

රැඳවියන් වෙනුවෙන් නීතීඥයන් වීදි බහී !

වවුනියාව අධිකරණ නීතිඥ සංගමය ඊයේ (10දා) දහවල් වවුනියාව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී අධිකරණ කටයුතුවලින් ඉවත්ව විරෝධතාවක නිරත විණි.

ඒ වවුනියා බන්ධනාගාරයේදී එහි රදවා සිටින සැකකරුවන්ට සිදුවන අසාධාරණයන් හා බන්ධනාගාර නිලධාරීන් සිදුකරන වැරදි ක්‍රියා හේතුවෙනි.


විරෝධතාවට එක් වූ වවුනියාව නීතිඥ සංගමය පවසන්නේ වවුනියාව බන්ධනාගාරයේ රැදවූවන්ට නිසි පහසුකම් ලබා නොදෙන බවත් සීමාව ඉක්මවා රැදවූවන් වවුනියාව බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බවත්ය. වවුනියාව, මන්නාරම දිස්ත්‍රික්කවල සැකකරුවන් වවුනියාව බන්ධනාගාරයේ රඳවාගෙන සිටීමත් ඊට හේතු වී ඇති බවත් ඔවුහු පවසති.

වැඩිදුරටත් අදහස් දැක්වූ වවුනියාව නීතිඥ සංගමයේ සභාපති නීතිඥ එන්.සිත්තම්පලම් මහතා කියා සිටියේ සිරකරුවන් වැරදි ක්‍රියාවන් සිදු කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට අල්ලස් ලබාදෙන බවත් සිරකරුවන්ගේ පහසුකම් අවම බවත් මේ පිළිබඳව බන්ධනාගාර බලධාරීන් සෘජුවම සොයා බලා ක්‍රියා කළ යුතු බවත්ය.

කෙසේ වෙතත් රජය මැදිහත්ව සිරකරුවන්ට සිදුවන අසාධාරණ හා බන්ධනාගාර නිලධාරීන් සිදුකරන නොමනා ක්‍රියා පිළිබඳව සොයා බැලිය යුතු බවත් ඒ සඳහා කඩිනමින් නිලධාරීන් ස්ථාන මාරු කිරීම හෝ සිදුකර සිරකරුවන්ට අවැසි පහසුකම් ලබා දීමට කටයුතු කළ යුතු බවත් වවුනියාව නීතිඥ සංගමය පවසයි.
gossip lanka