gossip lanka

ග්ලයිෆොසේට් තහනම ඉවතට : මානව සෞඛ්‍යය පහළට

මේ වන විට ග්ලයිෆොසේට්තනම ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.

තහනම් කර තිබීයදී පවා අනුරාධ පුර පොළෙන්නරුව වැනි ප්‍රදේශවල ග්ලයිෆොසේට් අධික මිලකට අලෙවිකරන ලද අතර එම තහනම කඩ කිරීමටවත් රජය පියවරක් නොගත් බව ඒ මහතා කියා සිටියි . වර්ෂ1970 දී මෙන්සැන්ටො බහුජාතික සමාගම විසින්
වෙළදපළට හදුන්වා දුන්(N-(phosphonomethyl)glycine) ග්ලයිෆොසේට් ඉහළ පරමාණුක බන්ධනයක් සහිත විෂ රසායනිකයකි (C3H8NO5P).

වසර තිහක පමණ අත්දැකීමෙන් පසුව යුරෝපයේ බොහෝරටවල් මෙම විෂ රසායනය භාවිතයෙන් ඉවත් කර ඇති අතර පසුගිය අප්‍රේල් 17 වන දින ජර්මනියේ කෘෂිකර්ම ඇමතිවරයා විසින් ක්‍රීඩා පිට්ටනි වලට යොදමින් තිබි ග්ලයිෆොසේට් පවා තහනම් කරන ලද බව ඔහු සදහන් කර සිටියේය .

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

''තේ සහ රබර් සදහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කර පසුව ග්ලයිෆොසේට් සදහා ඇති සියලුම තහනම මෙරට ඉවත් කිරිමට ආණ්ඩුව මේ වන විට සැරසෙමින් සිටි.

ග්ලයිෆොසේට් භාවිතය මානව සෞඛ්‍යට මෙන්ම ජෛව විවිධත්වයට විශාල ලෙස හානි කරන අතර ශාක ශෛල මත පතිතවන විෂ රසායනය මිනිසාගේ හා සතුන්ගේ ආහාර දාමයන්ගේ පවා විෂ නොනැසී අඛණ්ඩව ගමන් කරයි . එමෙන්ම පසට මුසුවන ග්ලයිසීන් විසින් පසේ ජවීන් විනාශයට බලපාන අතර පස හරහා භූ ගත ජලයට එක්වන ග්ලයිසීන් අණු වියෝජනය වීම සදහා වසර විසිසක්වත් අවම වශයෙන් ගතවේ .

මෙලෙස අධික විෂ සහිත ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට රජය උත්සහ කරන්නේ මොන්සැන්ටෝ බහු ජාතික සමාගමේ අවශ්‍යතාවයට මිස වෙනත් කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිවය.

අනික් අතින් ගත් කල ලංකාවේ ප්‍රබල තේ අයෝජකයකු වන රුසියාව මේ වන විට එරට තේ වගා කිරීම ආරම්භ කර ඇති අතර 2025 වන විට වෙනත් රටවලින් මිලදී ගන්නා තේ නැවැත්වීමට ඔහුන් කටයුතු කරමින් සිටී.''


gossip lanka