gossip lanka

"අලුත් මුහුණු ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීම ගැන සතුටුයි" මහේලගෙන් ක්‍රිකට් පරිපාලනයට ටොක්කක් ?

පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති තනතුර සදහා තරග කිරීමට අපේක්ෂකයන් සිවුදෙනෙක් නාමයෝජනා බාර දී තිබේ. ඒ අතර වත්මන් සභාපති තිලංග සුමතිපාල මෙන්ම ජයන්ත ධර්මදාස, නිශාන්ත රණතුංග සහ මොහාන් ද සිල්වා සිටියි. සභාපති තනතුර සඳහා නම් හතරක් ඉදිරිපත් වී තිබුණද තරගය ඇත්තේ පාර්ශ්ව තුනක් අතර බවත් ඇතැම් විට එක පාර්ශ්වයක් අවසන් මොහොතේදී තරගයෙන් ඉවත් වුවහොත් සභාපති තනතුර සඳහා
දෙපිලක් අතර සටනක් ඇතිවිය හැකි බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

නිශාන්ත රණතුංග  2012 වසරේ සිට 2015 වසරේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ ජයන්ත ධර්මදාස, අවසන් වරට සිය දිර්ඝ කාලීන ප්‍රතිවාදියා වන සුමතිපාල මහතා සමග එක්ව උප සභාපතිවරයකු ලෙසද කටයුතු කළේය. එහිදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජාත්‍යන්තර කටයුතු බාර උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ධර්මදාස  ඉකුත් වසරේදී (2017) එම තනතුරෙන් ඉල්ලා අස්විය.

මේ අතර හිටපු නායක මහේල ජයවර්ධන විසින් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් මගින් නිලවරණයට ඉදිරිපත් වී ඇති අය පිලිබදව මෙසේ සටහන් කර තිබුණි

.”ක්‍රිකට් නිලවරණයට නව මුහුණු කිහිපයක්ම ඉදිරිපත් වී තිබීම ගැන සතුටුයි “

මහේල එසේ සටහන් කළද මෙවර නිලවරණයට ඉදිරිපත් වී සිටින සියලු දෙනාම ක්‍රිකට් පරිපාලනයේ බොහෝ කලක සිට කටයුතු කරන පුද්‍ගලයන් වීම විශේෂත්වයකි.

gossip lanka