gossip lanka

අනුරුද්ධ පොල්ගම්පොළට ඇප

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොළ මහතා අද (18) කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරිමට කිලිනොච්චි මහේස්ත්‍රාත්  ඒ.ආනන්ද රාජා මහතා නියෝග කළේය.

නඩුවෙන් වෙනුවෙන් පෙනී සිටි  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇප ලබාදීමට විරෝධතාවය ප්‍රකාශ කළ අතර ඔහු නැවත ඇප කොන්දේසි කඩ
කළහොත් අත්අඩංගුවට ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

පොල්ගම්පොළ මහතාගේ ගුවන් ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට ගැණුනු අතර විදේශගත වීම තහනම් කර ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ මිලියන 8 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්  ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොළ මහතා අද (18) කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරිමට කිලිනොච්චි මහේස්ත්‍රාත්  ඒ.ආනන්ද රාජා මහතා නියෝග කළේය.

නඩුවෙන් වෙනුවෙන් පෙනී සිටි  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇප ලබාදීමට විරෝධතාවය ප්‍රකාශ කළ අතර ඔහු නැවත ඇප කොන්දේසි කඩ කළහොත් අත්අඩංගුවට ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.