gossip lanka

පුහුණුකරුවෙක් නැතුව ශ්‍රී ලංකාව ලෝක මේසපන්දු තරගාවලියට !

ලෝක මේසපන්දු තරගාවලියට සහභාගිවීමට ස්වීඩනයට ගිය ශ්‍රී ලංකා මේසපන්දු පිලට පුහුණුකරුවකු යවා නැතැයි වාර්තා වේ.

එම තරගාවලිය පෙරේදා (29) ආරම්භ වූ අතර එය මැයි 06 වැනිදා දක්වා ස්වීඩනයේ හැම්ස්ටර්ඩ් හිදී පැවැත් වේ.

එම තරගාවලියට පුහුණුකරුවකු යැවීමට නොහැකි වූයේ ඒ සඳහා සංගමයට වියදම් කිරීමට මුදල්
නොමැතිවීම නිසා යැයැ මේසපන්දු සංගමයේ වැඩබලන සභාපති චතුර ජයේන්ද්‍ර මහතා මාධ්‍යට පවසා තිබේ.

මේ තරගාවලියට ලෝක මේසපන්දු සම්මේලනයෙන් ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් සය දෙනෙකුට හා එක් නිලධාරියකුට ඉදුම් හිටුම් හා ආහාර පාන සඳහා අනුග්‍රහය දැක්වූ බවත් හෙළිකර ඇති වැඩබලන සභාපතිවරයා ස්වීඩනයට යාමට සහ ඒමට ගුවන් ප්‍රවේශපත් ලබාදුන්නේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් බවත් පවසා තිබේ.

කෙසේවුවද, නිලධාරියකුට ලැබුණු කෝටාව පුහුණුකරුවකුට ලබානොදී කළමනාකරුවකු ලෙස සිය නිලධාරියකු යවනු ලැබුවේ, මේ තරගාවලියට සමගාමීව ලෝක මේසපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වෙන බැවින් ඒ සඳහා කෙනෙකු සම්මේලනයෙන් යැවිය යුතු නිසා යැයිද ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනයේ උප සභාපති පැතුම් වීරක්කොඩි මහතා කළමනාකරු ලෙස මේ තරගාවලියට සහභාගි කර ඇත.

කෙසේවුවද, මේ සම්බන්ධ ගැටලුවට වත්මන් වැඩ බලන ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමක් නොවීම හේතුවෙන් අදාළ පිලට පුහුණුකරුවකු නොලැබුණු බව ක්‍රීඩා ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ.



gossip lanka