gossip lanka

ශ්‍රීපාද වන්දනා සමය අදින් අවසන්

ශ්‍රීපාද වන්දනා වාරය අද (30) අලුයම ශ්‍රීපාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් වනවා.

ඒ අනුව ශ්‍රිපාද උඩමළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ උඩමළුවේ සිට රත්නපුර - රජමාවත ඔස්සේ පෙරහරකින් ද, ශ්‍රීපාද උඩමළුවේ සිට නල්ලතණ්ණිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා තවත් පෙරහරකින් වැඩම කරවීමට නියමිතයි.

පසුව එම පෙරහරවල් දෙකක් වශයෙන්  පැල්මඩුල්ල - ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානය දක්වා වැඩම කෙරෙනවා.
gossip lanka